ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණ කටයුතු සදහා රාජ්‍ය දේපල පරිහරණය කිරීම වැළැක්වීම පිළිබද රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ.

    ජූලි 09, 2015
     
     
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ රජයට අයත් මාර්ග ,අධි බලැති කණු ,පාලම් , බෝක්කු හා රජයේ රක්ෂිත අසල රාජ්‍ය දේපල  මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගැනීමට ඉඩ නොතබන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ආර්.සී ද සොයිසා මහතා පවසයි.
    ඒ මහතා මෙසේ පැවසුයේ  පසුගියදා මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ පැවති  රාජ්‍ය දේපල මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගැනීම වැළැක්වීම සම්බන්ධයෙන් රාජ්‍ය  නිලධාරීන් හා පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩ සටහනේදීය.
     
    මාර්ගවල, පාලම්වල, කටවුට් ගැසීම, දැන්වීම්  ඇලවීම  හා මනාප අංක ගැසීම සිදු කර තිබෙනවා. ඒවා සියල්ල ජුලි 13 වන දිනට ප්‍රථම ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත්  ඒ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින් දැනුවත් කරන ලෙසත් ඒ මහතා තවදුරටත් පැවසීය. එම උපදෙස් පිලිනොපදින පුද්ගලයින්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙසද දිස්ත්‍රික් ලේකම් වරයා මෙහිදී නිලධාරීන් දැනුවත් කරමින් පැවසීය.
     
    මෙහිදී අදහස් දැක්වු තංගල්ල සහකාර පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා,  මේ සම්බන්ධයෙන් පොලිසීය අපේක්ෂකයන් දැනුවත් කර ඇති බවත් පොස්ටර් අලවන අය අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා  බවත් පැවසීය . ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් රජයේ ආයතනවල දැන්වීම් පුවරු ඉවත් කිරීමේදී අවශ්‍ය සහාය පොලිසියට ලබාදිය හැකිබවත් 
    පැවසීය.
     
    AP/DMU-Hambanthota
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya