ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ඇළුමිනියම් පිරි සැකසුම පිළිබඳ උසස් තාක්ෂණික පුහුණු වැඩසටහන

    ජූලි 09, 2015
    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මඟින් 2015 වර්ෂය සඳහා තාක්ෂණය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින ව්‍යාවසායකයන් හට, ඇළුමිනියම් පිරි සැකසුම (Aluminum Fabrication) පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක උසස් තාක්ෂණික පුහුණු වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
     
    මෙම වැඩසටහනේදී ඇළුමිනියම් දොර ජනෙල්, ෆ්‍රේම් වර්ග, ගෘහ භාණ්ඩ, කාර්යාල හා ව්‍යාපාරික ස්ථාන, නිවෙස් පාටිෂන් කිරීම, රාක්ක වර්ග ඇතුළු නිෂ්පාදන ‍රැසක් පිළිබඳ නවීන තාක්ෂණය සහිත නව නිර්මාණ පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමක් ලබා ගත හැකි වේ.
     
    දැනට මෙම කර්මාන්තයේ නියැලී සිටින ව්‍යවසායකයන්ගෙන් සීමිත පිරිසක් මෙම වැඩසටහන් සඳහා තෝරාගනු ලබයි. ලියාපදිංචි වීම සඳහා තොරතුරු ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 98, දෙවෙනි මහල, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ, නුගේගොඩ යන ලිපිනයෙන් හෝ  0112815009 හෝ 0713660033 යන දුරකතන අංකයන්ට අමතා හෝ idbcolombo@gmail ට ඊ මේල් පණිවිඩයක් එවීම මඟින් ලබා ගත හැකි වේ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya