ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නාම යෝජනා 11ක් පිළිගැනේ

    ජූලි 13, 2015

    2015 මහ මැතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්  පිළිගත්දේශපාලන පක්ෂ 9 ක් හා ස්වාධින කණ්ඩායම් 6 ක් නාම යෝජනා භාරදුන් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එස් සේනානායක මහතා පවසයි.

     

    මෙහිදී දේශපාලන පක්ෂයකින් හෝ ස්වාධින කණ්ඩායමකින්අපේක්ෂකයින් 8 දෙනෙකු ගෙන් සමන්විත නාමයෝජනා භාරදෙන ලදඅතර ඉන් දේශපාලන පක්ෂ දෙකක හා ස්වාධින කණ්ඩායම් දෙකක නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත. මෙහිදී ප්‍රතික්ෂේපවු දේශපාලන පක්ෂ 2වන්නේ ජනසෙත පෙරමුණ සහ එක්සත් මහජන පක්ෂයයි.මේ අනුව  නාම යෝජනා පත්‍ර 11 ක් පිළිගෙන ඇත.

     

    පොලාන්නරුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණය සදහා තරඟ වදිනඅපේක්ෂක සංඛ්‍යාව 88 කි. තෝරා ගැනෙන මන්ත්‍රි සංඛ්‍යාව 05 කි.දිස්ත්‍රික්කයේ මුළු ජන්ද දායකයින් සංඛ්‍යාව 307,125 කි.නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් මැතිවරණ පනත අකුරටමක්‍රියාත්මක කරන බව ද එස් සේනානයක මහතා පවසයි.

     

    AP/DMU- Polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya