ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මහ මැතිවරණයට නාමයෝජනා පත්‍ර 6151ක් බාරගැනේ

    ජූලි 14, 2015

    2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් 3,653ක් හා ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයින් 2,498ක් ඇතුළුව  6151දෙනෙකු නාමයෝජනා පත්‍ර බාර දී තිබෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

     

    මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක තේරීම්භාර නිලධාරින් හමුවේ ඊයේ (13) දහවල් 12.00 නාමයෝජනා පත්‍ර බාරගැනීම අවසන් කෙරෙණි.

     

    බාරදුන් නාමයෝජනා පත්‍රවලින් 36ක් නිසි පරිදි නීතියට අනුව සකස් නොකිරීමේ පදනම මත තේරීම් භාර නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. ඒ අනුව දේශපාලන පක්ෂ 12ක නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇති අතර ස්වාධීන කණ්ඩායම්වල නාමයෝජනා 24ක් ප්‍රතික්ෂේප වී තිබුණි.

     

    මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව දිස්ත්‍රික් මට්ටමින් මෙසේය.

     

    කොළඹ 792, ගම්පහ 588, කළුතර 286, කුරුණෑගල 468, පුත්තලම 264, මොනරාගල 96, බදුල්ල 165, ගාල්ල 221, මාතර 187, හම්බන්තොට 170,අනුරාධපුර 242, පොළොන්නරුව 88, රත්නපුර 280, කෑගල්ල 228, නුවර එළිය 253, මහනුවර 360,මාතලේ 176, ත්‍රිකුණාමළය 147, මඩකලපුව 368, දිගාමඩුල්ල 310 , යාපනය 210,වන්නි 252 වශයෙනි.

     

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya