ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණ නීති රීති වලට ප‍ටහැනි නොවන බැවින් මහනුවරින් ඉදිරිපත් වූ විරෝධතා තුනක් ප්‍රතික්ෂේප වේ.

    ජූලි 14, 2015
     
    පාර්ලිමේන්තු මැතිවරණය සදහා මහනුවර දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17 ක් සහ ස්වාධින කණ්ඩායම් 07 ක නාම යෝජනා ඉදිරිපත් වූ බව  මහනුවර දිස්ත්‍රික් ලේකම් සහ තේරීම්භාර නිලධාරී එච්.එම්.පී. හිටිසේකර මහතා පවසයි. 
    ඉදිරිපත් වූ නාම යෝජනා සදහා විරෝධතා තුනක් ඉදිරිපත් වුවත් ඒවා මැතිවරණ නීති රීති වලට පටහැනි නොවන බැවින් නොසලකා හැරි බවද ඔහු පැවසීය.
     
    මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා 10,49,168  ඡන්දය දීම සදහා සුදුසුකම් ලබා ඇති අතර, මහනුවර දිස්ත්‍රික්කය සදහා තේරීපත් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාව 12 කි. ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 825 කි. මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළ පැමිණිලි භාර ගැනීම සදහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ පැමිණිලි භාර ගැනීමේ මධ්‍යස්ථානයක්ද විවෘතව ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
     
    උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් ඊට බාධාවක් ඇති නොවන පරිදි මෙම මැතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු පොල්ගොල්ල මහහැලි ජාතික අධ්‍යාපන පීඨය, විවෘත විශ්ව විද්‍යාලය සහ කපිල සෙනෙවිරත්න ආදර්ශ විදුහල යන ස්ථාන යොදා ගැනීමට කටයුතු යොදා ඇත.
     
    AP/DMU-Kandy
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya