ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරි මහ මැතිවරණයට මාතරින් පිළිගත් දේශපාලන පක්‍ෂ 13ක් සහ ස්වාධීන කණ්ඩායම් 04ක්

    ජූලි 14, 2015
    ඉදිරි මහ මැතිවරණයට අදාළ ව මාතර දිස්ත‍්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්‍ෂ 13ක් හා ස්වාධීන කණ්ඩායම් 04ක් නාමයෝජනා බාර දී ඇත.
     
    එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය, ජනසෙත පෙරමුණ, ශ‍්‍රී ලංකා කම්කරු පක්‍ෂය, එක්සත් ලංකා පොදුජන පක්‍ෂය, අපේ ජාතික පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය, ශ‍්‍රී ලංකා ජාතික බලය පක්‍ෂය, ලිබරල් පක්‍ෂය, නව සිහළ උරුමය හා එක්සත් මහජන පක්‍ෂය පිළිගත් දේශපාලන පක්‍ෂ අතර වේ.
     
    මාතර දිස්ති‍්‍රක්කයේ ඡන්ද බල ප‍්‍රදේශ 07හි ඡන්ද කොට්ඨාස 444ක ඡන්දදායකයන් 623,818 දෙනෙකු මෙවර මහ මැතිවරණය සඳහා ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.
     
    මෙවර මහ මැතිවරණයේදී මාතර දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 08 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිතය. ඒ සඳහා අපේක්‍ෂකයන් 187 දෙනෙකු ඉදිරිපත් වී සිටිති.
     
    NDH/dmu Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya