ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ළමා අපචාර හා ළමා අපයෝජනවලින් ආරක්‍ෂාවන ආකාරය පිළිබඳ ව මාතර පාසල් ළමුන් දැනුම්වත් කෙරේ

    ජූලි 14, 2015
    ළමා අපචාර හා ළමා අපයෝජනවලින් ආරක්‍ෂා වන ආකාරය පිළිබඳ ව පාසල් ළමුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් මාතර දිස්ත‍්‍රික්කයේ පැවැත්වීමට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය, මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල එක්ව කටයුතු කර තිබේ.
     
    ඒ අනුව පසුගියදා මිරිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ හා දෙවිනුවර ජාතික පාසලේ එම වැඩසටහන් පවත්වන ලදී. ප‍්‍රාදේශීය ළමා ආරක්‍ෂක නිලධාරී යූ.ජී. කුසුම්ලතා මහත්මිය මෙම වැඩසටහන් සඳහා සම්පත් දායකත්වය සපයා ඇත.
     
    මිරිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ පවත්වන ලද වැඩසටහන සඳහා 6 වසරේ සිට 11 වසර දක්වා ශ්‍රේණිවල ළමුන් 350කට අධික පිරිසක් සහභාගි වූ බව වැලිගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ආරක්‍ෂක නිලධාරී ආර්.ඩී. චම්පිකා මහත්මිය පැවසුවාය.
     
    දෙවිනුවර ජාතික පාසලේ පවත්වන ලද වැඩසටහන සඳහා 6 7 හා 8 ශ්‍රේණිවල ළමුන් 150 ට අධික පිරිසක් සහභාගි වූ බව දෙවිනුවර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ආරක්‍ෂක නිලධාරී තක්‍ෂිලා ගුණවර්ධන මහත්මිය පැවසුවා ය.
     
    ඉදිරියේ දී අනෙකුත් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ද මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිතය.
     
    NDH/dmu_Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya