ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට ධීවර අමාත්‍යාංශයෙන් දිවයින පුරා විශේෂ වැඩපිළිවෙළක්

    ජූලි 24, 2015
    මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීම සඳහා හිටපු ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් මිරිදිය ධීවර කර්මාන්තයට යොදාගත හැකි ජලාශ සඳහා මත්ස්‍ය පැටවුන් මුදා හැරිමේ විශේෂ වැඩපිළිවෙළක් දිවයින පුරා ක්‍රියාත්මක කරමින් පවතී.
     
    එම ව්‍යාපෘතිය පසුගියදා හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කයන් හිදී ක්‍රියාත්මක කරනු ලැබීය. මේ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන අම්බලන්තොට රිදියගම වැව, බඳගිරිය වැව ආදී ජලාශවල මත්ස්‍යයන් බෝ කිරීම සඳහා මත්ස්‍ය පැටවුන් 100,000 බැගින් මුදා හරිනු ලැබීය. මේ යටතේ එම ජලාශ ආශ්‍රිත ජිවත්වන ජනතාවට මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ ඇති වැදගත්කම පිළිබදවත් විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා යොමුවීමට කැමති පිරිසට ඒ ආශ්‍රිත ස්වයංරැකියා පිළිබදවත් දැනුවත් කිරීමේ වැඩමුළු කිහිපයක් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරීයේ නිලධාරීන් විසින් පවත්වන ලදී. එමෙන්ම මිරිදිය ධීවර කර්මාන්තය වෙනුවෙන් වඩා ප්‍රයෝජනවත් වන ධීවර සමිති පිහිටුවා එමඟින් ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම ද සිදු කෙරිණි.
     
    මිරිදිය ධීවර කර්මාන්තය පිළිබඳ ව රට අභ්‍යන්තරයේ ජනතාව දැනුවත් කර ඔවුන් ඒ සඳහා යොමුකිරීම තුළින් විරැකියාවට විසඳුමක් මෙන්ම මත්ස්‍ය පරිභෝජනය ඉහළ නංවා ගැනීමටද හැකිවනු ඇත.  ධීවර කර්මාන්තයේ නියැළෙන ප්‍රජාව වෙනුවෙන් දැනටමත් සහන රැසක් ක්‍රියාත්මක වෙමින් පවතී. ධීවර සමිති සාමාජිකයන් සඳහා එම ප්‍රතිලාභ ලබා දීම අරමුණයි.
     
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya