ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පුත්තලම කෘෂිකර්ම කමිටුවේදී තීරණ රැසක්

    ජූලි 26, 2015
    පුත්තලම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති අතර එහිදී තීරණ රැසක් ගත් බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
     
    ඒ අනුව ආලංකුලම මහවැව රක්ෂිතය අනවසරයෙන් අල්ලා ගැනීම සම්බන්ධයෙන් එහි පදිංචිකරුවන් ඉවත් නොවන්නේ නම් ඔවුන්ට එරෙහිව ඉදිරියේ දී නඩු පැවරීමට පියවර ගන්නා ලෙස ආණමඩුව ප්‍රාදේශීය ලේකම්වරයාට හා ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරයාට දිස්ත්‍රික් ලේකම්වරයා දැනුම් දී ඇත.
     
    එසේම මුන්දලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මඟින් ඉදිරිපත් කළ  දඩුලේනුන් සහ රිලවුන් ගෙන් සිදුවන වගා හානියට විසඳුම් ලබාදීම පිළිබඳව කරුණ කෘෂිකර්ම කමිටු රැස්විමේදි අනාවරණය විය. එහිදි ගොවි සංවිධාන වෙත වායු රයිෆල් ලබාදිමේ හැකියාව පවතින බැවින් ඒ පිළිබඳව අදාළ පාර්ශව දැනුවත් කිරිම සඳහා පොල් සංවර්ධන නිලධාරීන්ගේ සහය ලබා ගැනිමේ හැකියාව පවතින බව මුන්දලම ප්‍රාමදේශීය ලේකම් ට දැනුම් දුන්නේය.
     
    තවද දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ අවතැන් වුවන් නැවත පදිංචි කරවීමේ කටයුතු ගැටලුවකින් තොරව සිදු කරන බැවින් නියමිත කාලයටම අවසන් කිරීම සඳහා පියවර ගන්නා ලෙස පුත්තලම වාර්මාර්ග අධ්‍යක්ෂ දැනුවත් කළේය.
     
    මරදන්කුලම හා කරවිට වැවේ ජලය පිටවානෙන් නොයාම හේතුවෙන් පොන්නන්කන්නිය සියඹලාගස්වෙල හා පම්බල කුඹුරු යායවල් විනාශ වීම සම්බන්ධයෙන් තිබෙන ගැටලු පිළිබඳ අදාළ පාර්ශවයන් සමඟ ඉදිරියේ පැවැත්වෙන ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවට කැඳවා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට මෙහිදී තීරණය කළේය.
     
    kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya