ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කේරලය ශ්‍රී ලංකාවෙන් වැඩි සංචාරක පිරිසක් අපේක්ෂා කරයි

    අගෝස්තු 06, 2015
    කේරලය වෙත ශ්‍රී ලංකාවෙන් හා චීනයෙන් පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය වැඩිකිරීමේ කොටසක් වශයෙන් ශ්‍රී ලංකාවෙන් සුඛෝපභෝගී යාත්‍රාවක් හා චීනයෙන් වරලත් යානා අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
    ශ්‍රී ලංකාවෙන් හා චීනයෙන් වැඩි සංචාරක පිරිසක් ගෙන්වා ගැනීම පිණිස තම දෙපාර්තමේන්තුවේ උත්සාහයන් සඵල වී ඇතැයි ඉන්දියාවේ කේරල සංචාරක අමාත්‍ය ඒ.පී. අනිල් කුමාර මහතා පවසා ඇත.
    ශ්‍රී ලංකාවේ පළමු සුඛෝපභෝගී යාත්‍රාව එළැඹෙන ඔක්තෝම්බර් මාසයේ මුල් සතිය තුළ කේරලයට පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන ඉන්දීය කේරල සංචාරක දෙපාර්තමේන්තුව, චීනයේ වරලත් ගුවන් යානා එළැඹෙන 
    නොවැම්බරයේ ඇරඹෙන සංචාරක සමයේ දී පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවේ.
    කොළඹ සිට කේරලය දක්වා ගමන්ගන්නා යාත්‍රාව අනතුරුව කොච්චි තෙක් ද පසුව මාලදිවයින තෙක් ද යාත්‍රා කරනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.
    වාර්ෂිකව ශ්‍රී ලාංකික සංචාරකයන් ලක්ෂ 2.2ක් පමණ ඉන්දියාව වෙත ගමන් ගන්නා නමුත් කේරලය වෙත ගමන් කරන්නේ ඉතා සුළු පිරිසකි.
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya