ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කුඩා තේ වතු වගාකරුවන්ගේ ගෙවීම් අගෝස්තු 10ට පෙර

    අගෝස්තු 06, 2015

    රජය විසින් තේ දළු සඳහා නිර්දේශිත සාධාරණ මිල යටතේ කුඩා තේ වතු වගාකරුවන්ට ගෙවීම සඳහා තේ කර්මාන්තශාලා හිමියන් වෙත ලබා දී ඇති රුපියල් බිලියන 2ක මුදල මෙම මස 10 වැනි දිනට පෙර වගාකරුවන් වෙත ගෙවා අවසන් කළ යුතු යැයි රජය අවධාරණය කරයි.

    කුඩා තේ වතු වගාකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා අමු තේ දළු කිලෝවකට ගෙවිය යුතු සාධාරණ මුදල රුපියල් 80ක් වශයෙන් රජය නිර්දේශ කර ඇත.

     

    විශේෂයෙන්ම තේ දළුවල ගුණාත්මකභාවය පදනම් කර ගෙන සිදු කරන මෙම සාධාරණ මිල රුපියල් 74 සිට 80 දක්වා වේ.

     

    මේ අනුව රජය විසින් ශ‍්‍රී ලංකා තේ මණ්ඩලය යටතේ 2015 මාර්තු මාසය සඳහා කර්මාන්ත ශාලා 272ක කුඩා තේ වතු හිමියන් 2,68,560 කට රුපියල් දසලක්ෂ 723ක් හා 2015 අපේ‍්‍රල් මාසයේ දී කුඩා තේවතු හිමියන් 3,43,886කට කර්මාන්ත ශාලා 349ක් සඳහා රුපියල් දසලක්ෂ 1,023ක් ද වශයෙන් ගෙවා ඇත.

     

    රජය විසින් රුපියල් බිලියන 02කට ආසන්න මුදලක් මේ වනවිට කුඩා තේ වතු හිමියන් සඳහා ගෙවන ලෙස තේ කර්මාන්ත ශාලා හිමියන් වෙත ලබා දී තිබුණත් ඇතැම් කර්මාන්තශාලා හිමියන් එම මුදල් වෙනත් කටයුතු සඳහා යොදා ගන්නා බවට පැමිණිලි රජය වෙත ලැබී ඇත.

    එසේ කිසියම් කර්මාන්ත ශාලා හිමියෙක් අදාළ මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් ඒ පිළිබඳව වහාම ශ‍්‍රී ලංකා තේ මණ්ඩලයේ කොමසාරිස්වරයා වෙත හෝ බණ්ඩාරවෙල, ගාල්ල, මාතර, රත්නපුර, බදුරලිය, ගම්පොල / හැටන් යන ප‍්‍රදේශවල සහකාර තේ කොමසාරිස්වරුන් වෙත දැනුම් දිය යුතුය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya