ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පෙරහර සමයේ මහනුවරට විශේෂ වැඩපිළිවෙලක්

    අගෝස්තු 06, 2015
     
    ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර පැවැත්වෙන කාලය තුල මහනුවර නගරයේ සියළුම ආපනශාලා හා ආහාර අලෙවිසැල් මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් මගින් නිරන්තර පරික්ෂාවට ලක්කරන ලෙස මහනුවර නගර සභාවට උපදෙස් දී ඇති බව  මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී.හිටිසේකර මහතා  පවසයි.
    මීට අමතරව මහනුවර ගඟවට කෝරළේ බල ප්‍රදේශයේ සුරාසැල්, මස් හා මාළු අලෙවිසැල් පෙරහර පැවැත්වෙන අගෝස්තු 20 - 30 දක්වා කාලය තුල වසා දැමීමට පියවරගෙන තිබෙන බවද  ඒ මහතා තවදුරටත් පැවසීය. 
     
    මෙම තොරතුරු අනාවරණය වුයේ ශ්‍රි දළදා මාලිගාවේ  පැවැති ඇසළ පෙරහර  සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදිය.
     
    පෙරහර පවත්වන කාලය තුල නගරයේ ඇතිවන වාහන තදබදය අවම කිරීම සදහා  ශ්‍රි ලංකා පොලිසිය මගින්  විශේෂ රථ වාහන සැලැස්මක් සකස් කර ඇත. ඒ අනුව  මහනුවර නගරය හරහා ගමන් කරන වාහන, නගරය මගහැර විකල්ප මාර්ග හරහා ගමන් කරවීමට විශේෂ වැඩපිළිවෙලක් 20 වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. 
     
    පෙරහර නැරඹිම සදහා පැමිණෙන  බැතිමතුන්ගේ පහසුව සඳහා පුද්ගලික හා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදවා ඇති අතර,  පෙරහර අවසන් වීමෙන් අනතුරුව  රාත්‍රි  11.45 ට කොළඹ බලා විශේෂ දුම්රියක් ඇතුළු වි‍ශේෂ දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
     
    මෙම අවස්ථාවට ශ්‍රි දළදා මාලිගාවේ  දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති  ගාමිණි දිසානායක යන මහත්වරුන්ද සහභාගි විය. 
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya