ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    දින සීයේ විශේෂ සංවර්ධන වැඩසටහන් යටතේ කොළඹ දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 557ක්

    අගෝස්තු 16, 2015

    දින සීයේ විශේෂ සංවර්ධන වැඩසටහන් යටතේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා 2015 වර්ෂයේ දී රුපියල් මිලියන 557 ක් වෙන් කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතා ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා පැවති ප්‍රාදේශීය ලේකම් සමුළුවේ දී අණාවරණය විය. කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 557  සදහා එක් කොට්ඨාශයකට ලක්ෂ 10 බැගින් සංවර්ධන කටයුතු සදහා මෙම ප්‍රතිපාදන යෙදවීමට බලාපොරොත්තු වේ.

     

    2015 නව වැඩසටහන් යටතේ ද ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය සදහා මිලියන 01 ක් ද දොරින් දොරට ගමින් ගමට වැඩසටහන යටතේ රුපියල් මිලියන 18 ක් ද දිවිනැගුම සංවර්ධන ආයෝජන වැඩසටහන සඳහා රුපියල් මිලියන 55 ක් ද නිවාස හා සමෘද්ධි අමාත්‍යංශය මගින් කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා වෙන් කර ඇත.

     

    මෙමගින් ග්‍රාමීය ප්‍රජාවගේ සමාජ ආර්ථික සංස්කෘතික  ආද්‍යත්මික සංවර්ධනය සඳහා යෙදවීමට බලාපාරොත්තු වන අතර හස්ත කර්මාන්තය, පේශ කර්මාන්තය, කිතුල් ගම්මාන වැනි ව්‍යවසායකත්ව ගම්මාන වල යටිතල පහසුකම් අලෙවි ප්‍රවර්ධන පහසුකම් ඇති කිරීම මෙන්ම ගම හා උප නගර ශක්තිමත් කිරීම මාර්ග ග්‍රාමිය මාර්ග ජල නල,කුඩා පාලම් වැනි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙම ප්‍රතිපාදන වැය කර කොළඹ දිස්ත්‍රික්ය තුල ක්‍රියාත්මක කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතා පැවසීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya