ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණ දිනවලදී වර්ෂා හා ජල ගැලීම් ඇති වුවහොත් එයට මුහුණ දීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්

    අගෝස්තු 15, 2015

    2015 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනවලදී වර්ෂා හා ජල ගැලීම් ඇති වුවහොත් එයට මුහුණ දීම සඳහා වැඩපිළිවෙලක් සකසන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගියදා පැවති ප්‍රාදේශීය ලේකම් රැස්වීමේ දී උපදෙස් දෙන ලදී.

     

    අධික වර්ෂාවකදී යට වන ස්ථාන වලට මෝටර් බෝට්ටු පාරු වැනි දෑ සූදානම් කර ගත යුතු බවත් දැනට ජලයෙන් යට වන ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති සීතාවක කැස්බෑව කඩුවෙල කොළොන්නාව වැනි ප්‍රදේශවල මෙම වැඩපිළිවෙල දියත් කිරීමට කටයුතු කළ යුතු බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

     

    මේ පිළිබඳ නාවුක හමුදාව ආපදා කළමණාකරණ අංශය ග්‍රාම නිලධාරීන් දැන්ම සිට දැනුවත් කළ යුතු බව ද පැවසීය.

     

    මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු, ආපදා කළමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ, අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනිල් තලගල මහතා, සහකාර මැතිවරණ කොමසාරිස් වජිර ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya