ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    යල කන්නයේ වී මිලදී ගැනීමට මාතලේ සූදානම්

    අගෝස්තු 16, 2015
    මෙවර යල කන්නය සඳහා වී මිලදී ගැනීමට සියලු කටයුතු මේ වන විට සම්පාදනය කර ඇති බවත් ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  වී මිලදී ගැනීම සඳහා කමිටු 11ක් පිහිටුවා ඇති අතර වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබා දී ඇති බවත් මාතලේ දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතා පැවසීය.
    මාතලේ වී මිලදී ගැනීමේ ගැටලු පැන නැගී ඇති බවට ඇතැම් මාධ්‍යවල පළ වූ වාර්තා සත්‍යතාවයක් නොමැති බවත්  මිනිපේ 3-4 පියවරයන්හි වී අස්වනු නෙළීම මේ වන විටත් ආරම්භ වී නොමැති බැවින් වෙළඳපොළට වී තොග ලැබී නොමැති බවද ඔහු පැවසීය.
    පසුගිය 11 වැනිදා වන විට මිලදී ගැනීම සඳහා ලැබී ඇත්තේ වී කිලෝ 25,000ක් පමණක් බව ද දිසාපතිවරයා පැවසීය. 
    යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දී ඇති බවත් වෙළෙඳපොළට වී තොග ලැබෙන අවස්ථාව වන විට වී මිලදී ගැනිමේ මධ්‍යස්ථාන විවෘත කරන බවත් නාඩු කිලෝවක් සඳහා රුපියල් 45.00ක් ද සම්බා කිලෝවක් සඳහා රුපියල් 50.00ක් වන පරිදී රජයේ සහතික මිලට එක් ගොවියෙකුගෙන් එක් කන්නයක් සඳහා වී කිලෝ 2000ක උපරිමයකට යටත්ව මිලදී ගැනීමට කටයුතු කරන බවත් පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා මිලදී ගන්නා වී සඳහා මුදල් ගෙවීමට රජයේ බැංකු මඟින් සිදු කරන බව ද පැවසීය.
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya