ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මෙවර යල කන්නය සඳහා වී මෙට්රික් ටොන් එක් ලක්ෂ විසි දහසක් මිලදී ගැනීමට පියවර

    අගෝස්තු 13, 2015
    2015 යල කන්නය සඳහා වී මෙට්රික් ටොන් එක් ලක්ෂ විසි දහසක් මිලදී ගැනීමට පියවර ගන්නා බවත් ඒ සඳහා රුපියල් මිලියන 6000ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති බවත් වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී. දිසානායක මහතා පවසයි.
    සභාපතිවරයා මේ බව පැවසුවේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති යල කන්නයේ වී මිලදී ගැනීම පිළිබඳ ව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    වී අලෙවි මණ්ඩලයට හා රජයට ගොවියාගේ වී මිලදී ගන්නේ නැති බවට චෝදනාවක් තියෙනවා. නමුත් වී මිලදී ගන්න ගබඩා 180ක් විවෘත කර තියෙන අතර ඉන් 77ක ඊයේ (12) වන විට මිලදී ගත්තා. සම්බා වී කිලෝවක් රුපියල් 50.00ක් වන අතර නාඩු වී කිලෝවක් රුපියල් 45.00ක් වෙනවා. එසේ මිලදී ගන්නා වී වෙනුවෙන් වන මුදල ළඟම ඇති ලංකා බැංකුවෙන් හෝ මහජන බැංකුවෙන් ගෙවන බව ඔහු සඳහන් කළේය.

    වී තොග සඳහා ගබඩා පහසුකම් නොමැති නම් දැනට ගබඩා කර ඇති වී තොග ඈත ගබඩා වෙත ගෙන ගොස් ගොවියාට පහසුවක් වන පරිදි ගබඩා පහසුකම් සකසා දෙන බව ද ඔහු කීය. නියමිත මිල ගණන්වලට වී මිලට ගන්නා බව ගොවියා දන්නේ නැතැයි චෝදනාව ප්‍රතික්ෂේප කරන සභාපතිවරයා මාධ්‍ය මඟින් ගොවියා දැනුවත් කිරීමට කටයුතු යොදා ඇතැයි කීය.

    වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නේ ප්‍රමිතියෙන් යුතුවයි. මැෂින්වලින් අස්වැන්න නෙළීම නිසා ප්‍රමිතියෙන් තොර වී තොග ගොවියා විසින් අතරමැදියන් මාර්ගයෙන් විකිණීම සිදු කරනවා. එම නිසා වී සඳහා ගොවියාට ලැබෙන්නේ අඩු මුදලක් බව ද ඔහු පැවසීය.

    වී මිලදී ගැනීම සම්බන්ධයෙන් වන අධීක්ෂණ වැඩපිළිවෙළ මෙවර ශක්තිමත් කර තියෙනවා. ලාභය අතරමැදියන් අතට යෑම වැලැක්වීමට කටයුතු කරනවා. මේ සඳහා අධීක්ෂණ කමිටුවක් පත් කර තියෙන නිසා දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර, ගොවිජන සේවා නිලධාරීන් වී මිලදී ගැනීම සම්බන්ධ අක්‍රමිකතා සොයා වී අලේවි මණ්ඩලයට වාර්තා කළ යුතුයි. වී විකිණීමේදී ගොවි හැඳුනුම්පත, පොහොර නාමලේඛනය, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරගේ සහතික සහිත ව ඊට අදාළ පෝරමය පුරවා වී විකිණීමට පියවර ගත යුතු බවත් එවැනි දෙයක් සිදු කරන්නේ පසුගිය කාලයේ පැවති වංචනික ක්‍රියා මෙවර වලක්වා ගැනීම සඳහා බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 
    වී තොගවල ප්‍රවාහනයට හා ආරක්ෂාව වෙනුවෙන් හමුදා ලොරි රථවල හා සිවිල් ආරක්ෂක බලකායේ සහය ලබා ගනු ඇත. මේ සියල්ලෙන් ම බලාපොරොත්තු වන්නේ ගොවියාට කිසිදු අපහසුතාවක් නොමැතිව වී තොග අලෙවි කිරීමට අවස්ථාව සැලසීමයි. 

    හම්බන්තොට, පොලොන්නරුව, මාතලේ, අනුරාධපුර ඇතැම් ප්‍රදේශවල මේ වන විට වී අස්වැන්න ලැබෙමින් පවතී. පුත්තලම හා බදුල්ලේ අස්වැන්නේ ප්‍රමාදයක් පවතින නිසා ඒවා ලැබෙන වහාම මිලදී ගන්න විධිවිධාන සලසන බව ඔහු පෙන්වා දුන්නේය.

    මේ වන විට වී මෙට්රික් ටොන් 12,000ක් පමණ මිලදී ගෙන ඇත. ඒ අතුරින් අම්පාරේ කලින් අස්වැන්න ලැබුණු නිසා වැඩිපුර මිලදී ගෙන ඇති අතර මාතලේ, කුරුණෑගල, අනුරාධපුර, මොනරාගල, කිලිනොච්චි, වව්නියාව, මුලතිව් හි වැඩි වී අස්වැන්නක් මිලදී ගෙන තිබේ. 
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya