ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මාතලේ 6688 දෙනෙකුගේ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කළා - මාතලේ දිස්ත්‍රික් ලේකම්

    අගෝස්තු 15, 2015
    2006 වසරට පෙර විශ්‍රාම ගිය විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා දුරලීම සඳහා රජය ගත් පියවර යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ විශ්‍රාමිකයන් 6688 දෙනෙකුගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු කළ බවත් ඔවුනට මේ මස විශ්‍රාම වැටුප් සමඟ අදාළ හිඟ වැටුප් ලබා දී ඇති බවත් මාතලේ දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතා පැවසීය.
    මාතලේ දිස්ත්‍රික්කයේ 2006 වසරට පෙර විශ්‍රාම ගිය විශ්‍රාමිකයන් 6968 දෙනෙකු සඳහා එම වැටුප් විෂමතා ඉවත් කිරීමට තිබූණි. ඉන් 432 දෙනෙකුගේ ලිපිගොනුවල විවිධ අඩුපාඩු තිබූ අතර එම 432 දෙදෙනා අතුරින් 152 දෙනෙකුගේ ගැටලු විසඳීමට හැකි විය. තවත් 280 දෙනෙකුගේ ලිපිගොනු ගැටලු පවතින නිසා එම 280 දෙදෙනාට මේ මස හිඟ වැටුප් දීමනා ලබා දීමට නොහැකි බවත් ඒ මහතා පැවසීය.
    විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි එම 280 දෙනාගේද තොරතුරු ලබාගෙන ලිපිගොනු නිවැරදි කර එම වැටුප් ඉතා කඩිනමින් ගෙවීමට කටයුතු කරන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. 
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya