ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණයට කළුතරින් අපේක්ෂකයින් 286ක් තරග බිමට

    අගෝස්තු 15, 2015

    ලබන 17වෙනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව කළුතර තේරීම් භාර නිලධාරී යූ.ඩී.සී. ජයලාල් මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු තෝරාපත්කර ගැනීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 17ක් හා ස්වාධීන කණ්ඩායම් 05කින් අපේක්ෂකයන් මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 286දෙනෙක් තරග බිමේ තරග වැද සිටිති.

     

    කළුතර දිස්ත්‍රික්කය පානදුර, කළුතර, බේරුවල, හොරණ, බණ්ඩාරගම, මතුගම, බුලත්සිංහල හා අගලවත්ත යන මැතිවරණ කොට්ඨාස 08ක් වන අතර ඡන්දදායකයින් 892,349ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.

     

    ඡන්දදායකයින්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා මධ්‍යස්ථාන 633ක් සූදානම් කර තිබෙන අතර ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන 100කදි සිදු කෙරේ.

     

    මෙයින් ගණන් කිරීමේ මධ්‍යස්ථාන 19කදී තැපැල් ඡන්ද 28,926ක් ගණන් කිරීම සිදු කෙරේ. මැතිවරණයේ සියලු කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් 13,000ක් පමණ යොදවා තිබේ.

     

    SDF/dmu_Kaluthara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya