ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ලේ ඡන්දය දෙන්න ලක්ෂ 8ක් සුදුසුකම් ලබති

    අගෝස්තු 17, 2015

    මෙවර මහමැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 819,666 ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර ගාල්ලේ ඡන්ද මධ්‍යස්ථාන 703 ඔවුන් අද (17) ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

    මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ මැතිවරණ රාජකාරි සඳහා 14,000කට ආසන්න නිලධාරීන් පිරිසක් යොදවා ඇතැයි ද ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී රවින්ද්‍ර හේවාවිතාරණ මහතා පැවසිය.

     

    ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමය, තාක්ෂණ විද්‍යාලය සහ ගාල්ල ඇලෝසියස් විද්‍යාලයන්හිදී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගැනෙන අතර ස්ථාන 72කදී ඡන්ද ගණන් කිරීමට සුදානම් කර ඇත. මෙම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ගණන් කිරීම සිදු වන බවද ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා පැවසීය.

     

    ඒ අනුව තැපැල් ඡන්ද ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන 17ක දී ගණන් කිරීම සිදු වන අතර ගාල්ල තාක්ෂණික විද්‍යාලයෙන් සියලුම ඡන්ද නිල ප්‍රතිඵල නිකුත් කිරීම සිදු කරන බව ගාල්ල දිසාපති හා තේරීම් භාර නිලධාරී රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.

     

    මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සකසා ඇති අතර පොලීසිය සමඟ කටයුතු කිරීමට ජාතික ආරක්ෂක බලකාය ද දිස්ත්‍රික්කයේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් කැඳවා තිබේ.

     

    ගාල්ල දිස්ත්‍රික්කයේ පූර්ව මැතිවරණ කටයුතු ඉතා සාමකාමීව සිදු වන බව ද රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා වැඩිදුරටත් සඳහන් ක‍ළේය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya