ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මාතලේ නීති විරෝධි මත්පැන් වැටලීම්වලින් රජයට රුපියල් ලක්ෂ 24ක ආදායමක්

    සැප්තැම්බර් 07, 2015
    මාතලේ දිස්ත්‍රික්කයේ නීති විරෝධි මත්පැන් පෙරීම්, ලඟ තබා ගැනීම් සහ විකිණීම් සිදුකරන පුද්ගලයන් අත්අඩංගුව ගැනීම සඳහා දිස්ත්‍රික් සුරාබදු අංශය සිදු කළ වැටලීම් වලින් රුපියල් ලක්ෂ 24ක දඩ මුදලක් අය කර ගැනීමට හැකි වූ බව මාතලේ සුරාබදු ස්ථානාධිපති ප්‍රියන්ත ලියනගේ මහතා පැවසීය.

     

    2015 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ ගලේවෙල, ලග්ගල, හෙට්ටිපොළ ,සීගිරිය, සහ රත්තොට ප්‍රදේශවල සිදුකළ වැටලීම් 202 ක් තුළින් මෙම අත්අඩංගුවට ගැනිම් සිදු කළ බවත් මෙහිදී විශේෂයෙන් ම කසිප්පු පෙරීම, ලඟ තබා ගැනිම, රජයේ අරක්කු සහ බියර් බලපත්‍ර රහිතව විකිණිම, හෙරෝයින් සහ ගංජා විකිණීම්වලට සම්බන්ධ පුද්ලයින් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවත් සුරාබදු ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් පැවසීය.

     

    ඉදිරි කාලයේදී මෙම සාපරාධී ක්‍රියා අඩු කර ගැනීම සඳහා අන්තරාදායක ඖෂධ ආඥාපනත ක්‍රියාත්මක කිරිම, දුම්කොළ බදු පනත් ක්‍රියාත්මක කිරීම, මත්පැන් නිවාරණය සඳහා ප්‍රජාව දැනුම්වත් කිරීම සහ දුම්වැටිවලට ඇබ්බැහි වූවන් දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණ සහ වැඩමුළු ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධානය කොට ඇති බව ප්‍රියන්ත ලියනගේ මහතා පැවසීය.

     

    GNK_dmu_Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya