ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සැප්. 10 -16 ජාතික මදුරු මර්දන සතිය

    සැප්තැම්බර් 09, 2015

    රට පුරා බෝවන ඩෙංගු මදුරුවන් තුරන් කිරීමේ අරමුණ පෙරදැරිව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සැප්තැම්බර් 10 සිට 16 දක්වා ජාතික මදුරු මර්දන සතිය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා පැවසුවේ අද වනවිට ඩෙංගු රෝගය රටේ ජාතික සෞඛ්‍ය ගැටලුවක් දක්වා වර්ධනය වී ඇති බවයි.

     

    සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සෞඛ්‍ය නිලධාරීන් අනෙකුත් අමාත්‍යාංශ සහ ත්‍රිවිධ හමුදාව, පොලිසිය සමඟ එකට එක්ව මෙම මදුරුවන් බෝවීමේ ගැටලුව විසඳීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

     

    මදුරු මර්දන සතිය තුළ ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව සෞඛ්‍ය නිලධාරීන් විසින් නිවාස සහ ගොඩනැගිලිවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීමට විධිවිධාන යොදා ඇත.

     

    මෙම කාල සීමාව තුළ තම නිවාස හෝ ගොඩනැගිලි පරිශ්‍රය පිරිසිදු කිරීම මඟින් මදුරුවන් බෝවන ස්ථාන නිරීක්ෂණය සඳහා පැමිණෙන සෞඛ්‍ය නිලධාරීන්ට සහයෝගය දක්වන ලෙස අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

     

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන පරිදි, 2015 ජනවාරි 01වෙනිදා සිට ඩෙංගු රෝගීන් 19,387ක් වාර්තා වී ඇත. පසුගිය අගෝස්තු මාසය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 1,426ක් පමණ වාර්තා වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya