ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රවාහන සේවාවේදී මනුෂ්‍ය ජීවිත ආරක්ෂාව තහවුරු විය යුතුයි - මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල

    සැප්තැම්බර් 09, 2015
     
    ප්‍රවාහන ක්ෂේත්‍රයත් මනුෂ්‍ය ජීවිතයත් කිසියම් ආකාරයකින් සමානත්වයක් දක්වන බවත් මනුෂ්‍ය ජීවිතයේදී සිදුවන විවිධ අනතුරු වලට මෙන්ම මහා මාර්ගයේදීත් විවිධ අනතුරුවලට 
    මනුෂ්‍යා පත්වන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මිය පැවසූවාය.
    පළාත් ආණ්ඩුකාරවරිය මේ බැව් සදහන් කළේ මධ්‍යම පළාත් ප්‍රවාහන සතියට සමගාමීව මාතලේ දිසා ලේකම් කාර්යාලයේ පැවති දැනුම්වත් කිරීමේ උත්සවය අමතමිනි. 
     
    එම නිසා ප්‍රවාහනට පිණිස මහා මාර්ගයට යොමු කරන ඕනෑම වාහනයක් , ප්‍රවාහන සේවාවක් මනුෂ්‍ය ජීවිත ආරක්ෂා කරන පරිදි සුදානම් කළ යුතු බවත් පැවසූ ආණ්ඩුකාරවරිය, ඒ සදහා එම ක්ෂේත්‍රයේ කුඩා කාර්මික නිලධාරියාගේ සිටි මෝටර් රථ පරික්ෂකවරයා දක්වා සෑම සියලු දෙනාම වග බලාගත යුතු බවද  වැඩිදුරටත් පැවසූවාය.
     
    ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුවන අනතුරු වලක්වමින් එම ක්ෂේත්‍රය දියුණු කිරීමට මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගෙන යන වැඩපිළිවෙල තමාගේ විශේෂ ඇගයීමට ලක්වන බවත් ඒ 
    සදහා සෑම විටම ආශිර්වාද කරන බවද ආණ්ඩුකාරවරිය පැවසූවාය.
     
    මෙහිදි  අදහස් දැක්වු මාතලේ දිස්ත්‍රික් ලේකම් නීල්ද අල්විස් මහතා පැවසූවේ මාර්ග අනතුරු වර්තමානයේ මහා වසංගතයක් බවට පත්ව ඇති බවත්, රිය අනතුරුවලින් මෙරටට අහිමි වන්නේ ජාතියේ සම්පත් බවත්, ඒ නිසා මහා මාර්ගයේ වාහන ධාවනය කරන සෑම සියලු දෙනාම තමාගේ ආරක්ෂාව මෙන්ම මගීන් ඇතුලු අනෙකුත් සියලු පාර්ශව  කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය.
     
    සාමාන්‍යයෙන් ලංකාවේ කිලෝ මීටර් 100 ක් ධාවනය කරන විට අවම වශයෙන් එක් රිය අනතුරක් හෝ දැකීමට හැකි බවත් පැවසූ දිසාපතිවරයා තමා ලබාදෙන සෑම රියදුරු බලපත්‍රයකින්ම හොඳ රියැදුරෙකු සමාජයට බිහිවෙනවාද යන්නත්, රිය අනතුරු සහ ප්‍රවාහන වැරදි සිදු කරන සෑම වැරදිකරුවෙකුම අත්අඩංගුවට ගන්නේ දැයි පොලිස් නිලධාරීන් කල්පනා කළ යුතු බවද පැවසිය.
     
    මධ්‍යම පළාත් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ගාමිණි රාජරත්න මහතා පැවසූවේ රිය අනතුරු අද ජාතික වශයෙන් විසදුම් සොයාගත යුතු උවදුරක් මෙන්ම ගෝලීය වශයෙන්ද  මේ සියවසේ බල පවත්වන අභියෝගයක් බවත් ඒ සදහා විසදුම් සෙවීමේදී  සෑම පාර්ශවයක්ම ඒකාබද්ධව ක්‍රියා කළ යුතු බවයි.
     
    මාර්ග අනතුරු අවම කිරීම සදහා පිහිටුවන ලබන විශේෂ දිස්ත්‍රික් ඒකකයේ සභාපතිත්වය නිල වශයෙන් මාතලේ දිසාපති නිල් අල්විස් මහතා වෙත ආණ්ඩුකාරවරිය විසින් මෙහිදි ප්‍රදානය 
    කළේය. ඩේවිඩ් පිරිස් මෝටර් රථ සමාගමේ අංශ භාර කලමණාකාර කෝසල රත්නායක මහතාගේ උපදෙස් පරිදි එම සමාගමේ අනුග්‍රහය ඇතිවව මහමග රිය අනතුරු වලකමු නම්වූ 
    විශේෂ සීඩී තැටියද මෙහිදි දිසාපතිවරයා ‍වෙත ප්‍රධානය කෙරිණි.
     
    AP/DMU-Matale
                                                                                
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya