ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අස්වැද්දීමට රුපියල් මිලියන 16 ක්

    සැප්තැම්බර් 13, 2015
     
     
    මේ වසරේ ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන් වූ කුඹුරු අස්වැද්දීමට රුපියල් මිලියන 16 ක මුදලක් ලබා දී ඇත. පුරන් වූ කුඹුරු හෙක්ටයාර් 949 ක ප්‍රමාණයක් පවතින බවත්  ඉන් හෙක්ටයාර් 37ක ප්‍රමාණයක්  නැවත  අස්වැද්දීම සිදු කෙරේ. මේ සදහා ව්‍යාපෘති 17ක් ආරම්භ කිරීමට නියමිත බව අතිරේක දිස්ත්‍රික් ලේකම් මාලනී ලෝකුපෝතාගම මහත්මිය පවසයි.
    අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය මේ බව අනාවරණය කළේ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කෘෂිකර්ම කමිටු රැස්වීමේදීය. 
    මෙහිදී  දිස්ත්‍රික්කයේ පුරන් වූ කුඹුරු සම්බන්ධව සාකච්ඡාවට ලක් වූ අතර  එහි ප්‍රගතිය පිළිබඳව විමසුමට ලක් විය.   
     
    වාණිජ ගොවිපොළවල් නංවාලීමට දිස්ත්‍රික්කය පුරා වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බවට දිස්ත්‍රික් කෘෂීකර්ම අධ්‍යක්ෂිකා  කෝසලා ජයවර්ධන මහත්මිය විසින් පෙන්වා දුන් අතර තරුණ කෘෂි ව්‍යාප්තිය යටතේ ව්‍යාපෘති 19ක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 09ක් තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ය. 
     
    තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආශ්‍රිතව ආරම්භ කොට ඇති පළතුරු පැළ රෝපණය කිරීමේ වැඩසටහන සහ පළිබෝධ නාශක අවම කරමින් පළතුරු අපනයන කරුවන් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන වඩාත් විධිමත් කිරීම වෙනුවෙන්ද මෙහිදී අදහස් පල විය.
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya