ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තීය කාර්ය සාධනය ඉහල නැංවීමේ වැඩසටහනක්

    සැප්තැම්බර් 13, 2015
     
     
    මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවත් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් එක්ව සංවිධානය කරන ලද පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තීය කාර්ය සාධනය ඉහල නැංවීමේ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් පසුගිය දා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
    රටේ අනාගත මානව සම්පත නිර්මාණශීලී , සංවේදී , විවිධ දක්ෂතා හා හැකියාවන්ගෙන් පොහොසත් මානව සම්පතක් බවට පත්කිරීමේ භාරදූර වගකීමේ ප්‍රබල කොටස්කරුවන් වන පෙර පාසල් ගුරුවරුන්ගේ කාර්ය සාධනය ඉහල නංවා රටට යහපත් අනාගතයක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් මෙම වැඩසටහන සංවිධානය කර ඇත.
     
    බුද්ධිමතුන් බිහිකිරීම අත්‍යාවශ්‍ය කාර්යයක් බවට පත්ව ඇති මේ යුගයේ මෙය කාලීන අවශ්‍යතාවයක් ලෙස හදුනාගත හැක. අකුරු පසුපස හඹායන දෙමාපියන් දැන හෝ නොදැන තම දරුවාට කරන හානිය ද ඒ හරහා මේවන විට අප භුක්තිවිදින සමාජ ගැටඵ ද මෙහිදී අවධාරණයට ලක්කරන ලදී.
     
    මෙහිදී පෙර පාසල් ගුරුවරුන්ගේ පෞද්ගලික ජීවිතයේ අරමුණු සාක්ෂාත්කර  ගැනීම මෙන්ම වෘත්තීය ජීවිතයේ අරමුණු සාක්ෂාත් කරගන්නා ආකාරයත්, ළමා බුද්ධි වර්ධනය සදහා සෞන්දර්යාත්මක ප්‍රවේශය යන මාතෘකාව යටතේ සංගීතය හා චිත්‍ර විෂයයන්  යොදාගන්නා ආකාරයත් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් දැනුවත් කරන ලදී.
     
    මේ සදහා සම්පත්දායකත්වය සපයන ලද්දේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරිනී වත්සලා විදානපතිරණ මහත්මිය, චිත්‍ර විෂයය පිළිබදව ප්‍රවීන චිත්‍ර 
    ශිල්පී   පියල්  උදය සමරවීර මහතා සහ සංගීතය විෂයය යට‍තේ මීරිගම බන්ඩාරණායක විද්‍යාලයේ සංගීතාචාරිණී   නිශංකා ගංගනී  යන මහත්ම මහත්මීන් විසිනි. 
     
    වැඩසටහනේ ආරම්භක අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් සී.පී.ඩබ්ලිව්. ගුණතිලක මහත්මිය ද සහභාගී විය. 
     
    වැඩසටහනට සහභාගීවූ පෙර පාසල් ගුරුවරියන් දැනුවත් කරමින් අදහස් ප්‍රකාශකළ  දිස්ත්‍රික් ලේකම්වරයා ඔවුන්ට පැවරී තිබෙන භාරධූර වගකීම හා එහි ඇති වැදගත්කම පිළිබදව ද ඔවුන් දැනුවත් කරමින් නිරන්තර පසුවිපරමක ඇති අවශ්‍යතාවයත් අවධාරණය කරන ලදී. 
     
     වැඩසටහන අවසානයේදී සහභාගීවූ පෙර පාසල් ගුරුවරියන් සදහා සහතික පත්‍රයක් ද පිරිනමන ලදී.
     
     AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya