ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ වෙරළ තීරය පිරිසිදු කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් 17 දා

    සැප්තැම්බර් 12, 2015

    කොළඹ කිලෝ මීටර් 23.5ක් වන වෙරළ තීරය සම්පූර්ණයෙන් පිරිසිදු කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් ලබන 17 වැනිදා දියත් වන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතා පසුගියදා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පරිසර දූෂණය පිටු දැකීමේ වැඩසටහනේ දී පැවසීය.

    මෙහිදී වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ශිෂ්‍ය භට බලකාය, විශ්වවිද්‍යාල, සාගර විශ්වවිද්‍යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පරිසර අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව, හෝටල්, පරිසර පොලීසිය හා කොළඹ දිස්ත්‍රික්කයේ ආයතන රැසක් මේ සඳහා අනුග්‍රහය දක්වයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන තුළ කොළෂ වෙරළ සම්පූර්ණයෙන්ම පිරිසිදු කෙරේ. 

    එදින එකතු කරනු ලබන අප ද්‍රව්‍ය වෙන් කර සුදුසු ස්ථානවලට ගෙන යාමත් ඒවා ප්‍රතිචක්‍රීයකරණයත් එදිනම සිදු වන අතර අපද්‍රව්‍ය සංගණනය කර ගණනය කිරීමටද සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබේ.

    ලබන සැප්තැම්බර් 17 වන දින මෙම වෙරළ ප්‍රදේශය කළාප දා හතරකට බෙදා පිරිසිදු කිරීමට පියවර ගෙන තිබේ.එනම්,
    කාක දූපත
    මෝදර ධීවර වරාය
    ගාලු මුවදොර
    බම්බලපිටිය දුම්රියපොල සිට වැල්ලවත්ත
    වැල්ලවත්තේ සිට දෙහිවල ඇල දක්වා
    දෙහිවල ඇල සිට ඕබන් පෙදෙස දක්වා
    ඕබන් පෙදෙස සිට ගල්කිස්ස හෝටලය දක්වා
    ගල්කිස්ස හෝටලය සිට රත්මලාන දුම්රිය පොළ දක්වා.
    රත්මලාන දුම්රිය පොල සිට අගුලාන දක්වා
    අගුලාන සිට ලුනාව දක්වා
    ලුනාව සිට මොරටුව දුම්රිය පොල දක්වා
    මොරටුව සිට කොරලවැල්ල දක්වා
    කොරලවැල්ල සිට එගොඩ උයන දක්වා

    යනාදී වශයෙන් බෙදා වෙන් කරමින් මෙම වෙළබඩ ප්‍රදේශය ශුද්ධපවිත්‍ර කිරීමට කටයුතු යොදා ඇත. මේ සදහා ස්වේච්ඡාවෙන් ක්‍රියාකාරින් 1215 කට වැඩි ප්‍රමාණයක් සහභාගී වන අතර මීටර් 22510 ක ප්‍රමාණයක් ශුද්ධ කිරීමට බලාපොරොත්තු වේ.

    kpm_DMU_COLOMBO

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya