ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නුවරඑළියේ ගොවි නිෂ්පාදන අපනයනයට වැඩසටහනක්

    සැප්තැම්බර් 12, 2015

    නුවරඑළියේ ගොවි නිෂ්පාදන අපනයනය කිරීමට හැකි වැඩපිළිවෙළක් ඇති කිරීමට කෘෂිකර්ම අංශයට අදාළ සියලු නිලධාරීන් පියවර ගත යුතු බවත් ඒ සඳහා දැනට දිස්ත්‍රික්කයේ එළවළු හා පළතුරු අපනයනය කරන පිරිසගේ සහය ගත යුතු බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මිය පැවසුවාය.

    දිස්ත්‍රික් ලේකම්වරිය පෙන්වා දුන්නේ එළවළු පළතුරු අපනයන කරන පුද්ගයන් හා ආයතන 37ක් පමණ සිටින බවත් මෙම පිරිස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ග්‍රාමීය ගොවි ජනතාවට හඳුන්වා දිය යුතු බවත්ය.

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගියදා පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමට එක් වෙමින් ලේකම්වරිය මේ බව සඳහන් කළාය.

    නුවරඑළිය, වලපනේ, අඹගමුව, කොත්මලේ, සහ හගුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ප්‍රාදේශීය ලේකම්වරුන්, කෘෂි අංශයට අදාළ නිලධාරීන් සහ ගොවි සංවිධානය නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම කමිටු රැස්වීමේ දී කෘෂි කර්මාන්තයට කරුණු රැසක් සාකච්ඡා කිරීම සිදු විය.

    මෙම අවස්‍ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන මල්ලිකා අමරසේකර, පී.ඒ. සරත්චන්ද්‍ර, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක ඒ.ජී.සී.බාබු යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

     

    kpm_DMU_Nuwara eliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya