ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ගම්පහ පෙර පාසල් ගුරුවරුන්ට වැසටහනක්

    සැප්තැම්බර් 14, 2015

    මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් එක්ව සංවිධානය කරන ලද පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තීය කාර්ය සාධනය ඉහල නැංවීමේ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් පසුගිය දා ගම්පහ ප්‍රදේශී ලේකම් කාර්යාලීයය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

    රටේ අනාගත මානව සම්පත නිර්මාණශීලී , සංවේදී , විවිධ දක්ෂතා හා හැකියාවන්ගෙන් පොහොසත් මානව සම්පතක් බවට පත්කිරීමේ භාරදූර වගකීමේ ප්‍රබල කොටස්කරුවන් වන පෙර පාසල් ගුරුවරුන්ගේ කාර්ය සාධනය ඉහල නංවීම තුළින් රටට යහපත් අනාගතයක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.

    මෙම වැඩසටහනට ප්‍රධාන ‍දේශනයන් 3ක් අන්තර්ගත වූ අතර පෙර පාසල් ගුරුවරුන්ගේ පෞද්ගලික ජීවිතයේ අරමුණු සාක්ෂාත්කර ගැනීම හා වෘත්තීය ජීවිතයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම, මුල් අදියරේදීත් ඉන්පසුව ළමා බුද්ධි වර්ධනය සඳහා සෞන්දර්යාත්මක ප්‍රවේශය සහ සංගීතය හා චිත්‍ර විෂයයන් ළමා බුද්ධි වර්ධනයට යොදාගන්නා ආකාරය ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් දැනුවත් කරන ලදී.

    ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරිනී වත්සලා විදානපතිරණ මහත්මිය, චිත්‍ර විෂයය පිළඳව විජය පුවත්පත් ආයතනයේ පියල් උදය සමරවීර මහතා සහ සංගීතය විෂයය යට‍තේ මීරිගම බන්ඩාරණායක විද්‍යාලයේ සංගීතාචාරිණී නිශංකා ගංගනී යන මහත්ම මහත්මීන් මෙහි සම්පත් දායකයින් ලෙස කටයුතු කළේය.

    ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා, ගම්පහ ප්‍රාදේශීය ලේකම් සී.පී.ඩබ්ලිව්. ගුණතිලක මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    kpm_DMU_Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya