ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    හම්බන්තොට රක්ෂිත ඉඩම්වල තෘණ වැවීමට පියවර ගැනේ

    සැප්තැම්බර් 14, 2015

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, තිස්සමහාරාමය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක රක්ෂිත ඉඩම්වල තෘණ වැවීම සඳහා කුඩා ව්‍යාපෘති සකස් කර දෙන ලෙස පශු සම්පත් අංශය වෙත උපදෙස් ලැබී ඇත.

    හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ආර්. ඩී. ද සොයිසා මහතා විසින් දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී අදාළ නිලධාරීන් ද උපදෙස් ලබා දුන් අතර ගොවි ජනතාවට හා ගව හිමි සංවිධානවලට ද දන්වා සිටියේ එවැනි ව්‍යාපෘති තිබේනම් මෙම කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙසය.

     

    ඒ අනුව අදාළ ව්‍යාපෘති අධ්‍යයනය කර ක්‍රියාවට නැංවීම සඳහා මුදල් සොයාගෙන කටයුතු කරන බවත් දැනට පවතින ප්‍රධාන තෘණ භූමි තුනට අමතරව මෙවැනි කුඩා තෘණ භූමි ඉදිවීමත් සමඟ ගවයින් අයාලේ යෑම අඩුවන අතර කිරි ගොවීන්ගේ ගැටළු කිහිපයකට පිළිතුරු ලැබෙන බව ඔහු පැවසීය.

     

    ගොවි ජනතාව පෙන්වා දෙන්නේ ගවයින් නිදැල්ලේ සැරිසැරීම නිසා ගොවි බිම් වෙත හානි සිදුවන බවත් ඒ සඳහා අදාළ හානියට වන්දි ලබා ගන්න කටයුතු කිරීමේ දී විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන බවත් මේ සඳහා ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස අවස්ථා කිහිපයක දී ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත්ය.

     

    ඒ අනුව පළමුව අමරවැව, වල්සපුගල, කඩවර යන තෘණ භූමි මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කෙරිණි. ඊට අමතරව තවත් පහසුව සඳහා මෙවැනි කුඩා තෘණ භූමි ඉදි කිරීමට මෙහිදී තීරණය කෙරිණි.

     

    SDF/JP_dmu_Hambantota

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya