ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර දිස්ත්‍රික්කයේ පත්වීම්ලාභීන්ට පුහුණුවක්

    සැප්තැම්බර් 17, 2015
     
    රාජ්‍ය සේවයට බදවා ගත් මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි කළමනාකරණ සහකාර සේවයේ නිලධාරින්ගේ සේවාරම්භක පුහුණුව පසුගියදා ආරම්භ විය. මහනුවර දිස්ත්‍රික් ලේකම්  එච්.එම්.පී. හිටිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී මෙම පුහුණුවේ සමාරම්භක අවස්ථාව පවත්වන ලදී.
    රාජ්‍ය කළමනාකරණ සේවයේ පැවති පුරප්පාඩු සපුරාලීම සදහා ඉකුත්දා පැවති තරග විභාගයකින් මෙම පිරිස තෝරාගන ඇති අතර, එහිදී මහනුවර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයන් 161 ක් පත්වීම් ලබා ගැනීමට සුදුසුකම් සපුරා තිබේ. 
     
    ඒ අනුව  දින 10 ක කාලයක් මහනුවර පුහුණු මධ්‍යස්ථාන තුනකදී ඔවුන්ට පුහුණුව සැපයෙන අතර, ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසී, රාජ්‍ය සේවකයන්ගේ විනය සහ ලිපි ගොනු පවත්වාගෙන යෑම ඇතුළු විෂය කාණ්ඩ 20 ක් ඔස‍්සේ මෙම පුහුණුව ලබා දේ. පුහුණුවෙන් අනතරුව ඔවුන් නැවත රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලන පිළිබද අමාත්‍යංශය මගින් දිවයින පුරා පුරප්පාඩු පවතින රජයේ ආයතන වෙත යොමු කිරීමට නියමිතය. 
     
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya