ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    වී මිල දී ගැනීම සඳහා මාතර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 25 ක්

    සැප්තැම්බර් 17, 2015
     යල කන්නයේ වී මිල දී ගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මාතර දිස්ත්‍රක්කයේ වී මිල දී ගැනීමේ කටයුතු සඳහා රුපියල් මිලියන 25 ක මුදලක් වෙන්කර තිබෙන බව මාතර දිස්ත්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
     
    ඒ මහත්මිය මේ තොරතුරු අනාවරණය කළේ මාතර -මැද්දවත්ත වී ගබඩා සංකීර්ණයේ ගබඩා කර තිබෙන 2014/2015 මහ කන්නයේ මිල දී ගත් වී තොග පරීක්ෂා කිරීම  සහ ඉදිරියේ දී මිල දී ගැනීමට නියමිත වී තොග ගබඩා කිරීමට ප්‍රමාණවත් ගබඩා පහසුකම් පවතී ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා ඊයේ (16) දින නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදී ය.
     
    එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම් තුමිය පැවසුවේ පසුගිය මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා මාතර දිස්ත්‍රික්කයට ලැබුණු රුපියල් මිලියන 10 ක මුදලින් වී කිලෝ 217915 ක් මිල දී ගත් බවත් මෙවර යළ කන්නයට ලැබුණු රුපියල් මිලියන 25 න් වී කිලෝ 500000 ක් මිල දී ගැනීමට අපේක්ෂා කරන බවත් ය. මෙවර ද සම්බා වී කිලෝවක් රුපියල් 50 ක මුදලකට හා නාඩු වී කිලෝවක් රුපියල් 45 ක මුදලකට මිල දී ගැනීමට නියමිත ය. 
     
    ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ සහ වී අලෙවි මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් මාතර දිස්ත්‍රික්කයේ වී අතිරික්තයක් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන වැලිපිටිය, වැලිගම, තිහගොඩ, හක්මණ හා කඹුරුපිටියෙහි වී මිලදී ගැනීමේ කටයුතු සිදු කෙරේ.
     
    මෙවර වී මිල දී ගැනී‍මේ කටයුතු අවසන් කළ පසු පසුගිය කන්නයේ මිල දී ගත් වී තොග වෙළඳ පොළට මුදාහැරීමට නියමිතය.
     
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya