ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පොලොන්නරුවෙන් ගල් ආයුධ රැසක් හමුවේ

    සැප්තැම්බර් 17, 2015
     
    පොලොන්නරුව ඓතිහාසික අංක 2  ශිව දේවාලය කේන්ද්‍ර කර ගනිමින් මෙතෙක් සිදු කරන ලද කැණීම් වලින් ආදි මානවයා භාවිතා කරන ලද බවට නිගමනය කල හැකි දඩයම් යුගයට අයත් 
    ගල් ආයුධ රුසක් සොයා ගැනීමට හැකිවු බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.
    මෙතෙක් සිදු කරන ලද කැනීම් ලබන 17 වන දින අවසන් කරන බවත් දැනට සොයා ගත් පුරාවස්තු වල පුරා විද්‍යාත්මක සාධක පිළිබද විද්‍යාත්මක පරීක්ෂණ කිරීමෙන් අනතුරුව නැවත 
    කැනීම් ආරම්භ කරන බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
     
    මහා වංශය හා චුල වංශයෙහි ඓතිහාසික තොරතුරු මේ අනුව සනාථ කලහැකි බවත්, මෙම කැනීම්වලදී අනුරාධපුර යුගයට අයත් අත්තිවාරමක නටබුන්ද මෙම ස්ථානයෙන් සොයා ගැනීමට හැකිවු බවද ගුණවර්ධන මහතා පැවසීය.
     
    AP/DMU-Polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya