ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ගත වූ මාස 9 තුළ රැකියා නියෝජිත ආයතන 153ක් අසාදු ලේඛන ගත කෙරේ

    සැප්තැම්බර් 18, 2015

    2015 ජනවාරි 01 දින සිට සැප්තැම්බර් මස 16 දින දක්වා විදේශ රැකියා නියෝජිතායතන 153ක් අසාදු ලේඛන ගතකිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ. එනම් තාවකාලිකව රැකියා බලපත‍්‍රය අත්හිටුවීමයි.

    මෙසේ ඒජන්සි ආයතන අසාදු ලේඛන ගතකිරීමට හේතු ලෙස කාර්යාංශයේ සමථ අංශයෙන් ඉදිරිපත් වන පැමිණිලි විසඳීම සඳහා ප‍්‍රමාණවත් සහයක් නොදැක්වීම, කාර්යාංශයේ ලියාපදිංචි නොකර අයතා ක‍්‍රම මඟින් පුද්ගලයින් විදේශ ගත කිරීම, ව්‍යාජ ලේඛන කාර්යාංශයට ඉදිරිපත් කිරීම, විදේශ ගත කිරීමට නියමිත පුද්ගලයින්ට මූල්‍ය වංචා කිරීම හා පිටරට රැකියා නියෝජිතායතන වෙතින් කොමිස් මුදල් ලබාගෙන ශ‍්‍රමිකයින් එරටට ලබා නොදීම වැනි කරුණු විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙයි.

     

    මෙවැනි අවස්ථාවක කාර්යාංශය විසින්, එම ආයතනයන් සඳහා අදාළ පැමිණිල්ල විසඳන තෙක් තාවකාලිකව අසාදු ලේඛන ගත කිරීම, අදාළ වංචනික නියෝජිතායතන මඟින් ඔවුන්ගේ මුදල් නැවත ලබාගැනීමට කටයුතු කිරීම, රැකියා ඇණවුම් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කිරීම හා නීති අංශය මඟින් අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීම වැනි පියවර අනුගමනය කරනු ලබයි.

     

    මෙම කාලසීමාව අතරතුර අසාදු ලේඛන ගත කිරීමෙන් පසු නැවත අසාදු ලේඛනයෙන් ඉවත්කල ඒජන්සි ආයතන ගණන 141 කි.

     

    විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, මේ වන විට ඇතැම් ආයතන කුඩා දරුවන් සිටින මව්වරුන් පවා කූට ලේඛන උපයෝගි කරගනිමින් විදේශ ගතකිරිමට උත්සහ ගන්නා බවත් ඔවුන්ගේ වංචනික කි‍්‍රයා සඳහා දැනට පවතින දඩුවම් ප‍්‍රමාණවත් නොවන බැවින් ඒ අන්දමට කි‍්‍රයා කරන පුද්ගලයින්ට එරෙහිව ඇප ලබාදීමට එහා ගිය දැඩි දඩුවම් ලබාදීමට කටයුතු කරන බවත්, රැකියා නියෝජිතායතන විදෙස් ගතවන ශ‍්‍රමිකයින් පිළිබඳව සිය වගකීම පැහැර හරින්නේ නම්, ඒ පිළිබඳව දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බවත්ය.

     

    ඇතැම් නියෝජිතායතන සඳහා පසුගිය සමයේ විශේෂ වරප‍්‍රසාද ලබාදුන් හෙයින් මෙසේ වංචනික ආකාරයේ කටයුතු කිරීමට පෙළඹී ඇති අතර, තමන් ඒ සියළු දේ නතර කිරීමට පියවර ගන්නා බව අතුකෝරළ මහත්මිය පැවසුවාය. එසේම ඉදිරියේදී එම ආයතනය නියාමනයකට ලක්කරන බවත් කාර්යාංශ පනත වෙනස් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya