ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නව ආර්ථික සංවර්ධන කලාප 45ක්, කර්මාන්ත හා තාක්ෂණික සංවර්ධන කලාප 11ක් බිහිකරනවා

    සැප්තැම්බර් 18, 2015

    රාජ්‍ය ඇමැති චම්පිකා ප්‍රේමදාස

    නව ආර්ථික සංවර්ධන කලාප 45ක් ඇති කරමින්  කර්මාන්ත හා තාක්ෂණික සංවර්ධන කලාප 11ක් බිහිකිරීමට සැලසුම් කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය ඇමැති චම්පිකා ප්‍රේමදාස මහතා පවසයි.

     

    වෙළඳ පොළ ඉලක්ක කරගත් පර්ෂද ගම්මාන 2500 ක් රටපුරා ගොඩ නැංවමින්  මෙරට අපනයන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් යෝජිත සාධනීය පියවරයන්ට අදාළව බොහෝ දේ සිදු කිරීමට කටයුතු කරන බවද ප්‍රේමදාස මහතා කීවේය.

    කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය ඇමැතිවරයා ලෙස වැඩභාර ගැනීම වෙනුවෙන් අමාත්‍යාංශයේදී  (17) පැවැති උත්සවයේදී ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

     

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය ඇමැති චම්පික ප්‍රේමදාස මහතා,

     

    “කර්මාන්තකරුවෙක්  ලෙස කාලයක සිට මේ දක්වා මේ ක්ෂේත්‍රයේ සිටිනවා. සාර්ථක කර්මාන්ත ගණනාවක් මා පුද්ගලිකව ආරම්භ කර තිබෙනවා. මාගේ අත්දැකීම් උපයෝගි කරගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කරනවා. කර්මාන්ත ක්ෂේත්‍රයේ නව ප්‍රගතියක් ඇති කිරීමට  අප කටයුතු කරනවා. මේ වන විටත් ආයෝජකයන් ගණනාවක් අපි හා අත්වැල් බැඳගනිමින් ඉන්නවා. ඉදිරි වසර පහ තුළ කර්මාන්ත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් ඇති කිරීමට අප කටයුතු කරනවා. මේ වන විටත් ජපාන හා කොරියා ආයෝජකයින් අපි සමඟ අත්වැල් බැඳගෙන තිබෙනවා. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේත් නව කර්මාන්ත ආරම්භ කිරීමට පියවර ගන්නවා වගේම මුළු රටම ආවරණය වන පරිදි කර්මාන්ත ශාලා විවෘත කරමින්  ජනතාවට සේවාවන් සැපයීමටත් නව කර්මාන්ත හරහා මෙරටට අවශ්‍ය නිෂ්පාදනය ඇති කිරීමටත් කටයුතු කරනවා.

     

    නව ආර්ථික සංවර්ධන කලාප 45ක් ඇති කිරීමේත්, කර්මාන්ත හා තාක්ෂණික සංවර්ධන කලාප 11ක් බිහිකිරීමේත්, වෙළඳ පොළ ඉලක්ක කරගත් පර්ෂද ගම්මාන 2500ක් රටපුරා ගොඩ නැංවීමේත් භාරදූර වගකීම අපට පැවරී තිබෙනවා. ඒ වගේම මෙරට අපනයන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් යෝජිත සාධනීය පියවරයන්ට අදාළව බොහෝ දේ කළ යුතුව තිබෙනවා.ජනාධිපති තුමන් හා අග්‍රාමාත්‍ය තුමන්, මේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ වගකීම මා වෙත නැවත පවරා දී ඇත්තේ මා කෙරේ විශාල විශ්වාසයකින් යුතුවයි. එම විශ්වාසය නොපිරිහෙලා ඉටුකරන බවටත් මා පොරොන්දු වෙනවා“ යැයිද පැවසීය.

     

    කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන්, ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ, අමාත්‍යාංශ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya