ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    දෙණියායේ පරිසර නියමු කඳවුරේ අවසන් දිනය අද යි

    සැප්තැම්බර් 20, 2015
    පරිසර සංවේදී අනාගත පරපුරක් ලක් දෙරණ තුළ බිහිකර ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරනු ලබන පරිසර නියමු වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මාතර දිස්ත්‍රික් පරිසර නියමු කඳවුර පසුගිය සිකුරාදා (18) මාර/දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයේ දී ආරම්භ විය. අද (20) එහි අවසාන දිනය යි. ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව සමාප්ති උත්සවයක් පවත්වා සියළුදෙනාට සහතික පත්‍ර ලබා දී කඳවුරේ කටයුතු අවසන් කිරීමට නියමිත ය.

    මෙම කඳවුර මාතර දිස්ත්‍රික්කයේ පාසල් 15 ක ඉහළ පදක්කම්ලාභී පරිසර නියමුවන් 120ක්, ගුරුභවතුන් 30ක් සහ අනෙකුත් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වේ.

     

    ඊයේ (19) දිනයේ සමාරම්භක උත්සවයේ, ගිනිමැල සංදර්ශනය හා සංස්කෘතික වැඩසටහනක් ද පැවැත්විණි. 

     

    මධ්‍යම පරිසර අධිකාරිය මාතර දිස්ත්‍රික් කාර්යාලය, දෙනියාය කලාප අධ්‍යාපන කාර්යාලය හා දෙනියාය මහා විද්‍යාලය ඒකාබද්ධව සංවිධානය කරනු ලැබීය.

     

    SDF/WMTI_dmu_Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya