ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    දෙටු පුරවැසි අභිමන් 2015 කොළඹ දී

    සැප්තැම්බර් 18, 2015
     
    ජාත්‍යන්තර වැඩිහිටි දිනයට  සමගාමීව දෙටු පුරවැසි අභිමන් 2015 උළෙල  පසුගිය දා කොළඹ කොටුව ලෝටස් පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ දි පැවැත්විණි.
    ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ මග පෙන්වීම යටතේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගින් මෙම වැඩ සටහන සංවිධානය කර ඇත. 
     
    මෙහිදී ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් තෝරා ගන්නා ලද වයස අවුරුදු හැට ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හා කාන්තාවන්ගේ නර්තන, ගී ගායනා කථික හා දැනුම මිණුම ආදී තරග රැසක් පැවැත්විණි.
     
    මෙම වැඩසටහනේ දී ජ්‍යෙෂ්ඨ පුරවැසි කාන්තාවන් ගේ  නර්ථන අංශයෙන් ප්‍රථම ස්ථානය කැස්බෑව නර්ථන කණ්ඩායම දිනා ගන්නා ලදී. දැනුම මිණුම තරගයේ ප්‍රථම ස්ථනය කැස්බෑව වැඩිහිටි කන්ඩායමත්  දෙවන ස්ථානය කඩුවෙල වැඩිහිටි කණ්ඩායමත් තෙවන ස්ථානය සීතාවක වැඩිහිටි කණ්ඩායමත් දිනා ගත්තේය. ගී තරුව වි‍ශේෂාංගයේ ප්‍රථම ස්ථානය මොරටුව දෙවන ස්ථානය කොලොන්නාව තුන්වන ස්ථානය හෝමාගම වැඩිහිටි කණ්ඩායම් පිළිවෙලින් හිමිකර ගන්නා ලදී.
     
    මෙම වැඩ සටහන සමාජ සේවා නිලධාරී ජයන්ත ප්‍රේමලාල් මහතා විසින් සංවිධානය කර තිබුණි.
     
    AP/DMU-Colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya