ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පරිසර නියමු කඳවුරක් දෙණියායේ දී

    සැප්තැම්බර් 18, 2015
    පරිසර සංවේදී අනාගත පරපුරක් ලක් දෙරණ තුළ බිහිකර ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරනු ලබන පරිසර නියමු වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මාතර දිස්ත්‍රික් පරිසර නියමු කඳවුර අද (18) සිට ඉරිදා (20) දක්වා තෙදින තුළ මාර/දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත.

    මෙම කඳවුර මාතර දිස්ත්‍රික්කයේ පාසල් 15 ක ඉහළ පදක්කම්ලාභී පරිසර නියමුවන් 120ක්, ගුරුභවතුන් 30ක් සහ අනෙකුත් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වේ.

     

    මෙම පරිසර කඳවුරෙහි හෙට (19) දිනයේ සමාරම්භක උත්සවයේ, ගිනිමැල සංදර්ශනය හා සංස්කෘතික වැඩසටහන ප්‍රධාන අංගයන් වේ.  අවසාන දිනය වන ඉරිදා (20) ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව සමාප්ති උත්සවයක් පවත්වා සියළුදෙනාට සහතික පත්‍ර ලබා දී කඳවුරේ කටයුතු අවසන් කිරීමට නියමිත ය.

     

    මධ්‍යම පරිසර අධිකාරිය මාතර දිස්ත්‍රික් කාර්යාලය, දෙනියාය කලාප අධ්‍යාපන කාර්යාලය හා දෙනියාය මහා විද්‍යාලය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන මෙම කඳවුර සඳහා මාතර දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් මැති ඇමතිවරු හා මන්ත්‍රීවරු සහභාගීවීමට නියමිතය.

     

    දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය, ආපදා කළමණාකරණ ඒකකය, රුහුණු විශ්ව විද්‍යාලය, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය, පාසල්වල විදුහල්පතිවරු, ගුරුවරුන් හා සිසුන් මෙම තෙදින පරිසර නියමු කඳවුර සඳහා සහභාගීත්ව දායකත්වය සපයති.

     

    SDF/WMTI_dmu_Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya