ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කිලිනොච්චිය ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය, කාර්මික අධ්‍යාපනය සඳහා පමණක් නොව ජාතික සංහිදියාවටත්

    සැප්තැම්බර් 21, 2015
    යුධ ජයග‍්‍රහණයෙන් වසර 06ක් ගතවන මෙම අවස්ථාවේදී අප රට තිරසාර ආර්ථික හා සමාජීය සංවර්ධනය කරා ගමන් ආරම්භ කර තිබෙන බවත් කිලිනොච්චියේ ඉදිවෙමින් පවතින ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය තුළ ඉගෙනුම ලබන සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ ආදී විවිධ ජන වර්ගවලට අයත් තරුණ තරුණයන් තුළින් සංහිඳියාව ගොඩනඟා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා  පැවසීය. 
     
    ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ද සමඟ කිලිනොච්චියේ අලුතෙන් ඉදිවන ශ‍්‍ර‍්‍රී ලංකාවේ දෙවන ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවී අදහස් දක්වමිනි. 
     
    තවද අප රටේ තරුණ තරුණියන් රැකියාගත වීමේදී පැන නගින ගැටලුවක් ලෙස ඉංග‍්‍රීසී කතාකිරීමේ හැකියාව අඩුකම දැකිය හැකි බවත් ඉදිරියේදී මෙම ගැටලුව විසඳාගැනීමට තමන් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    ජර්මානු ආධාර යටතේ ඉදිවන දෙවන ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය මෙය වේ. මෙම පුහුණු මධ්‍යස්ථානය තුළ ආධුනිකයක් 650 කට න්‍යායික මෙන් ම ප‍්‍රායෝගික පුහුණුව ලැබීමට ඉඩ ප‍්‍රස්ථාව ලැබෙනු ඇති අතර 2016 මාර්තු වන විට මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට බලාපොරොත්තු වේ. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය යටතේ මෙවැනි මධ්‍යස්ථාන 05 ක් මේ වන විට ක‍්‍රියාත්මක කෙරේ.
     
    ඇමරිකානු ඩොලර් මිලියන 7.67 ක ජර්මානු රජයේ පූර්ණ පරිත්‍යාගයක් වන මෙම මධ්‍යස්ථානය සඳහා මූල්‍යාධාර සපයා ඇත්තේ ජර්මනියේ කේ.ඩබ්.එෆ්. බැංකුවයි. ශ‍්‍රී ලංකා රජයෙන් ලබාදෙන ලද අක්කර 15 ක භූමි භාගයක ඉදිවන මෙම පුහුණු මධ්‍යස්ථානය තුළ සිසු සිසුවියන් 650 කට පමණ අධ්‍යයන කටයුතු සිදුකිරීම සඳහා පහසුකම් ඇත. සිසු සිසුවියන් සඳහා මෙන්ම කාර්ය මණ්ඩලය සඳහා මෙම මධ්‍යස්ථානය තුළම නවාතැන් පහසුකම් සැපයෙනු ඇත. ඊට අමතරව ක‍්‍රීඩාංගණ, ආපන ශාලා සහ පුස්තකාල පහසුකම් ද මෙම මධ්‍යස්ථානයේ අලුතින් ඉදිවනු ඇත. 
     
    ඉදිකිරීමෙන් අනතුරුව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය යටතේ පාලනය වන හතරවන ජාතික මධ්‍යස්ථානය වන මෙහි මෝටර් රථ කාර්මික ශිල්පය (Auto Mobile), ඉදිකිරීම් තාක්ෂණය (Constrution Technology & Mechanical, Mecatronics, Electrical, Electronic සහ සිවිල් ඉංජිනේරු යන පාඨමාලා දේශීය හා විදේශීය රැකියා ඉලක්ක ගත කරගෙන ඉගැන්වීම කරනු ලැබේ. මෙම පාඨමාලා  NVQ - 4, 5 සහ 6 යන මට්ටමේ ඒවාය. 
     
    මෙම පුහුණු මධ්‍යස්ථානයට සමගාමීව දිස්ත‍්‍රික්කය තුළ සැටලයිට් මධ්‍යස්ථාන 11 ක් ඉදිකෙරෙනු ඇත. කිලිනොච්චි නගරයේ ඉදි වී ඇති එවැනි මධ්‍යස්ථානයක් නිරීක්ෂණයට ද අමාත්‍යවරයා සහභාගි වූ අතර එහි පැවැත්වෙන පාඨමාලාවල ගුණාත්මකභාවය සහ සිසු සිසුවියන්ගේ පහසුකම් පිළිබඳ ව ද අමාත්‍යවරයාගේ අවධානයට ලක්විය. 
     
    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් දෙපලට අමතරව අමාත්‍යාංශ ලේකම්, පී. රණේපුර, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ සභාපති ආචාර්ය එච්.එල්. ඔබේසේකර, උපසභාපති පියතිස්ස ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යවරුන් දෙපලගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya