ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානින් හමුවේ

    සැප්තැම්බර් 21, 2015
     
    ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළමුවරට ගාල්ල දිස්ත්‍රික්කයේ සියළු රාජ්‍ය ආයතන ප්‍රධානින් හමුවිම ගාල්ල දිස්ත්‍රික් ලේකම් 
    කාර්යාලයේදී  අද සිදු කෙරිණි.
    ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි සමිබන්ධීකරණ කාර්යාලය ඒ මහතා අතින් විවෘත කිරීමෙන් අනතුරුව රාජ්‍ය ආයතන ප්‍රධානීන් හමුවීම සිදු විය. එහිදී රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් සැකසෙන නිවාස වැඩසටහන් සහ  ඉදිරියේදී නිවාස අහිමි පුරවැසියන් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 19 හි ඉදි වීමට  යෝජිත නිවාස 25,000 ව්‍යාපෘතිය පිළිබඳවද ඒ මහතා විසින් අදහස් පළ කළේය. 
     
    එමෙන්ම ඉදිරියේදී පනතක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත සංවර්ධන මණ්ඩල පනත සම්බන්ධවද කෙටි අදහස් කිහිපයක් ඉදිරිපත් කෙරිණි. මේ දිනවල ඒ පිළිබඳව 
    විශේෂ සාකච්ඡාවන් පවතින බවත් එමගින් ඉදිරියේදී රාජ්‍ය නිලධාරීන්ට සංවර්ධන කටයුතු සඳහා ඝෘජුව දායකත්වය ලබා ගනිමින් නිසි ඵලදායිතාවක් අපේක්ෂාකල හැකි බවටත් 
    අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    මේ අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඒ.ඩී රත්නසිරි මහතා සහ වැ.බ දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියද සහභාගී වීය.
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya