ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මාතර වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන 23 වැනිදා

    සැප්තැම්බර් 22, 2015
     
    ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු වෙරළ කලාප 11 ක දී 23 වැනිදා පෙ.ව. 7.30  සිට පෙ.ව. 11.00  දක්වා සිදු කෙරේ. 
    මාතර නගරය මූලික කර ගනිමින් ප්‍රධාන වැඩසටහන තොටමුණ නිල්වලා ගං මෝය අසළ දී 23 වැනිදා පෙ.ව. 8.00 ට දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය, මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය ප්‍රධාන රාජ්‍ය නිලධාරීන්, පාසල් සිසුන්, ධීවර සංවිධාන හා සිවිල් සංවිධාන  එකමුතුවෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    මාතර දිස්ත්‍රික්කයේ වෙරළ තීරය කිලෝමීටර් 55 කි. එයින් කිලෝමීටර්  07 ක් පවිත්‍ර කිරීම මෙහි දී සිදු කෙරේ. නිල්වැල්ල ධීවර වරාය, සුදු වැල්ල ධීවර වරාය, දික්වැල්ල නගර ආශ්‍රිත වෙරළ තීරය, ගන්දර ඔරුවැල්ල ධීවර වරාය, කිරළ වැල්ල නැංගුරම්පළ, පුරාණ වැල්ල ධීවර වරාය, මාතර නගරය ආශ්‍රිත මූදු තීරය,තොටමුණ මෝය කට අසළ මූදු තීරය, මිරිස්ස ධීවර වරාය, පැළෑන වෙරළ තීරය හා කප්පරතොට ඔරැවැල්ල මුල් කරගෙන වෙරළ පවිත්‍රතා වැඩසටහන ක්‍රියාවට නැංවේ.
     
    සෑම වසරකම සැප්.03 වන දිනට යෙදෙන ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනයට සමගාමී ශ්‍රි ලංකාවේ වෙරළ තීරය පිරිසිදු කිරීම පසුගිය 19 වැනි දි සිට දීප ව්‍යාප්ත වැඩ සටහනක් වශයෙන් ක්‍රියාත්මක කිරිමට  සමුද්‍රීය පරිසර අධිකාරිය  කටයුතු කරන ලදි.
     
    AP/DMU-Matara
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya