ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

    සැප්තැම්බර් 22, 2015
     
    මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ලුනු අස්වැන්න වෙළදපොළට මේ දිනවල ලැබෙමින් පවතින නිසා ආනයනික ලොකු ලුනු සදහා පනවා ඇති බද්ද වැඩි කරන ලෙස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටියි.
    තවද අනායනික ලොකු ලුනු වෙළදපොළට නිකුත්කර ඇති නිසා දේශීය ලුනු නිසි මිලට අලෙවි කර ගැනිමට නොහැකි තත්වයක් උද්ගත වි ඇති බවට ගොවි සංවිධාන සිදු කළ පැමිණිලි සැලකිල්ලට ගෙන අගමැතිවරයාගෙන් මෙම ඉල්ලිම කර තිබේ.
     
    සිගිරිය, ගලේවෙල ප්‍රදේශ වල ගොවින් 6,000 ක් පමණ ලොකු ලුනු වගාවේ නිරතවි සිටින බවත් ලොකු ලුනු කිලෝ එකක් නිෂ්පදානය කිරිම සදහා රුපියල් 60 - 65 ත් අතර මුදලක් වැය වේ.එම නිසා දේශීය ලොකු ලුනු ගොවියාට සාධාරණ මිලක් ලබාගැනිමට හැකිවන ආකාරයට ආනයනික පකිස්ථාන ලොකු ලුනු සදහා බද්දක්  පනවා දේශීය ගොවියා ආරක්ෂා කර ගැනිමට කටයුතු සලසා දෙන ලෙසද  අමාත්‍යවරයා ඉල්ලා සිටී.
     
    AP/DMU-Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya