ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අලි මිනිස් ගැටුමෙන් විනාශයට පත්වන නිවාස වෙනුවට නව නිවාස

    සැප්තැම්බර් 22, 2015
    අලි මිනිස් ගැටුම පවතින ප්‍රදේශවල වන අලින් විසින් විනාශ කරන නිවෙස් වෙනුවට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය මගින් ජනතාවට නව නිවාස ඉදිකරදීමට කටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ප්‍රජා සහභාගීත්වයෙන් ඒකාබද්ධ වනජීවි සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ අවකාශය පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (21) බත්තරමුල්ල ජයන්තිපුර මාවතේ පිහිටි තිරසාර සංවර්ධන හා වනජීවි කටයුතු අමාත්‍යංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
     
    සජිත් ප්‍රේමදාස හා ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.
     
    අලින්ගේ පහරදීම්වලින් විනාශයට පත්වන නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීමේ දී ඒවා අලි ඇතුන් නිතර ගැවසෙන ප්‍රදේශ සහ අලිමංකඩ ප්‍රදේශ අත්හැර  ආරක්ෂිත ස්ථානවල ඉදිකිරීමට මෙහිදී අවධානය යොමු විය. අලින් නිවාසවලට පහර දෙන්නේ නිවාසවල ගබඩා කර ඇති වී ආහාරයට ගැනීම සඳහා වන හෙයින් නිවෙස් තුළ වඩාත් සුරක්ෂිත අභ්‍යන්තර වී ගබඩා ඉදිකිරීමට ද මෙහිදී තීරණය විය.
     
    වඩාත් තිරසාර වනජීවි සැලැස්මක් සඳහා වනාන්තර අවට ප්‍රේරණ කලාපවල ජීවත් වන පුද්ගලයන්ගෙන් සමන්විත ප්‍රජා සහභාගීත්ව ඒකාබද්ධ වැඩසටහනක් මෙරට තුළ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරුණි. ඒ අනුව ජාතික වනෝද්‍යාන වැඩිදියුණු කිරීමටත්, වනාන්තරය සහ වනජීවින් ආරක්ෂා කිරීම කෙරෙහි පුද්ගලයන් තුළ පෙළඹවීමක් ඇති කිරීමටත් අපේක්ෂිතය. වනාන්තරය සහ වනජීවින් ඉලක්ක කරගත් සංචාරක කර්මාන්තය වැඩිදියුණු කර එම ක්ෂේත්‍රය පිළිබඳ ව උනන්දුවක් දක්වන විදේශීය සංචාරකයන් වැඩි වැඩියෙන් මෙරටට ගෙන්වා ගැනීම එහි අරමුණයි.
     
    එවැනි වැඩසටහන් ඔස්සේ වනාන්තර හා වන සතුන් රැකබලා ගැනීමට දායකත්වයක් සපයන ප්‍රේරණ කලාවල පුද්ගලයන්ගේ අදායම් මාර්ග ඉහළ නැංවීමටත් අපේක්ෂිතය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya