ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අලුතින් මැටි කැපීමේ බලපත්‍ර නොදීමට තීරණය කෙරේ

    සැප්තැම්බර් 22, 2015
     
    පිගන් හා ටයිල් කර්මාන්ත ඇතුලු විවිධ කර්මාන්ත  සදහා අවශ්‍ය මැටි ලබා ගැනීමට අලුතින්  බලපත්‍ර නිකුත් නොකිරීමට කළුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී.ජයලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කෘෂිකර්ම කමිටු රැස්වීමේදී තීරණය කර ඇත.
    විවිධ කර්මාන්ත සදහා මැටි ලබා ගන්නා ස්ථාන රාශියක් දිස්ත්‍රික්කය තුළ පැවතියත් මෙම ස්ථාන අදාළ ආයතන විසින් නිසිලෙස නඩත්තු නොකිරීම නිසා පාරිසරික ගැටළු රාශියක් මතුවී ඇති බව ප්‍රාදේශිය ලේකම්වරු මෙහිදී පෙන්වා දුන්හ.
     
    එමෙන්ම මැටි ලබා ගැනීම සදහා බලපත්‍ර ලබා දෙන බොහෝ ස්ථාන කුඹුරු හා ඒ ආශ්‍රිත ප්‍රදේශ නිසා අවිධිමත් ලෙස මැටි ලබා ගැනීම තුලින් කුඹුරු වගා කිරිමට ගැටළු රාශියක් මතුවී ඇති බවත් ගොවිජන සේවා දෙපාර්තමේන්තු නිලධාරින් පැවසීය.
     
    මේ අනුව දැනට මැටි ලබා ගන්නා  ස්ථානවල පාරිසරික නීති රීති වලට අනුව කටයුතු කරන ලෙස අදාල ආයතනවලට දැන්වීමටත් දැනට අලුත් ස්ථානවල මැටි කැනීම්  සදහා බලපත්‍ර නිකුත් නොකිරීමටත් තීරණය වී ඇත.
     
    AP/DMU-Kaluthara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya