ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    උතුරු නාවික විධානයෙන් සමාජ මෙහෙවරක්

    ඔක්තෝබර් 01, 2015
    උතුරු නාවික විධානය දුෂ්කර ප්‍රදේශවල වෙසෙන ජනතාව වෙනුවෙන් මාදගල් සහ කන්කසන්තුරෙයි යන ප්‍රදේශවලදී ක්ෂේත්‍ර අක්ෂි සායන 02ක් පසුගිය දින දෙකක් පුරා පවත්වන ලදී.
     
    ජෝර්ජ් ගුණරත්න සමාගමේ අනුග්‍රහය යටතේ පවත්වන ලද මෙම අක්ෂි කදවුරුවලදී අක්ෂි ආබාධවලින් පෙළුණු රෝගීන් 800ක් පමණ පරීක්ෂාවට ලක් කළ අතර, ඉන් 400 දෙනෙකුට පමණ නොමිලේ ඇස් කණ්නාඩි බෙදා දෙනු ලැබිණි.
     
    නාවික හමුදාව විසින් සමාජීය අභිවෘද්ධිය වෙනුවෙන් කෙරෙන මෙම වැඩපිළිවෙළට දායක වීම පිළිබඳ ව උතුරු ආඥාපතිතුමා විසින් එහිදී ජෝර්ජ් ගුණරත්න අක්ෂි සමාගමට සිය ස්තුතිය පුද කළේය.
     
    උතුරු නාවික විධානය තුළ වෙසෙන ප්‍රථිකාර ලැබිය යුතු රෝගීන් සඳහා ක්ෂේත්‍ර සායනයන් පැවැත්වීම වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා එම විධාන ආඥාපති වශයෙන් කටයුතු කළ කාල සීමාවේදී ආරම්භ කෙරිණි. 
     
    2011 සහ 2012 යන වර්ෂයන්හි එතුමා උතුරු නාවික ආඥාපති ලෙස කටයුතු කළ අතර, එම කාලය තුළ රජයේ මෙන්ම පෞද්ගලික ආයතනයන්ගේ ද සහයෝගය ඇතිව ක්ෂේත්‍ර සායන 75ක් පමණ පවත්වන ලදී. සෞඛ්‍ය සුවතාවය පවත්වාගෙන යාම සඳහා උපකාර කිරීම මෙන්ම ජනතාව සහ නාවික හමුදාව අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කරළීමේ අදිටනින් එතුමා විසින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන ප්‍රදේශයේ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍රව ඇති බැවින් ද, ඉන් ලැබෙන ප්‍රතිලාභ ජනතාව තව දුරටත් අපේක්ෂා කරන බැවින් ද, අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත. 
     
    navy.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya