ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මින් මතු 'සේයා'ලා බිහි නොවීමට නම් සමාජයේ නිහඩ බව බිඳ දෑස් විවර කළ යුතුයි

    ඔක්තෝබර් 04, 2015

    මින් මතු අනාගතයේ දී සේයා දැරිවියට සිදු වූ ඛේදවාචකය වැනි ඛේදවාචක සිදු නොවීමට නම් සමාජයේ නිහඩතාව බිඳිය යුතු බව ලෝක ළමා දිනය වෙනුවෙන් අම්පාර පොදු ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණු දිගාමඩුලූ නවෝදය ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

    වඩාත් ඛේදනීයම කරුණ නම් කලකට වරක් මාධ්‍යයෙන් වාර්තා වන සිද්ධීන් හැරුණු විට තවත් මෙතරම් දුර දිග නොගිය නමුත් විවිධ අපචාරයන්ට ලක් වන දරුවන් පිළිබඳ සිද්ධීන් සමාජයට විවර නොවී ම යටපත් වී යාම බවත් සමාජය නිහඩතාව බිඳිය යුත්තේ එවැනි සිද්ධීන් අනාවරණ කර ගැනීමට හා ඊට එරෙහිව කටයුතු කිරීම සඳහා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    දරුවන් ආරක්ෂාව කෙරෙහි ගුරුවරුන්ගේ, දෙමව්පියන්ගේ සහ දරුවන්ට ආදරය කරන වැඩිහිටියන්ගේ නිරන්තර අවධානය වඩා වැදගත් වන බව ද දයා ගමගේ මහතා තවදුරටත් කියා සිටියේය.

     

    මෙහිදී අදහස් දැක්වමින් අමාත්‍යතුමන් සඳහන් කළේ, පසුගිය දශකය පුරා රට තුළ සිදු වූ දේශපාලනික පරිහානියේ ප්‍රතිඵලයක් ලෙස සමාජයේ ගුණාංගයන් ද පරිහාණියට ගිය බව හා එසේ බිඳ වැටුණු සමාජ සංස්ථාව යළි පිළිසකර කිරීම නව රජය හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය බවයි.

     

    මෙම සමාජ ශෝධන ක්‍රියාවලියේ සම්පූර්ණ වගකීම තනිව දේශපාලන අධිකාරියට පමණක් දැරිය නොහැකි බව ද ඒ සඳහා සමාජයේ සියළුම පාර්ශවයන්ගේ සහාය අවශ්‍ය බව ද දයා ගමගේ මහතා සිහිපත් කළේය.

     

    මේ අතර, දිස්ත්‍රික්කයේ දරුවන් වෙනුවෙන් නව රැකියා අවස්ථා උදා කළ හැකි නව ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් ජනතා අදහස් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

     

    මෙම අවස්ථාවට අම්පාර කර්මාන්ත හා වාණිජ මන්ඩලයේ සාමාජිකයින්, අම්පාර දිසාපතිතුමා සහ ජී.අයි.සී., ජී.ටී.ඉසඩ්. යන ආයතන නියෝජන කරමින් නියෝජිතයින් ද ප්‍රදේශවාසීන් හා දරුවන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya