නිරිත දිග තෙත් කලාපයේ තේ වගා කරන ප‍්‍රධානම දිස්ත‍්‍රික්කය වන්නේ කළුතරයි.මෙහි තේ වගාව හෙක්ටර්යාර් 9,000 කට වඩා වැඩි භූමි ප‍්‍රමාණයක ව්‍යාප්ත වී තිබේ. දිස්ත‍්‍රික්කයේ වාර්ෂික තේ නිෂ්පාදනය කි.ග‍්‍රෑම් 1,82,22,195 වන අතර මෙය ජාතික නිෂ්පාදිතයෙන් 5.39% කි.
වාර්ෂිකව හෙක්ටයාර 200 ක් පමණ නව වගාව හා අලුත් වගාව වශයෙන් තේ වගාවට එක්වන අතර නව තේ වගාකරුවන්ට සහනාධාර වශයෙන් රජය වැයකරන මුදල රු මිලියන 80 කි. කළුතර කුඩා තේ වගාකරුවන් පමණක් හතලිස් දහසක් 40000 ක් සිටිති.රු 80 තේ සහතික මිල යටතේ ජූලි මස වන විට රුපියල් මිලියන 835 ක මුදල රජය විසින් තේ වගා කරුවන් සදහා ලබා දී ඇත.තේ වගාව සදහා රජය මෙතරම් විශාල මුදලක් වැය කරනු ලැබුවත් කරුණු කිහිපයක් නිසා සාර්ථක අස්වැන්නක් ලබාගැනිමට නොහැකි වී ඇත.
සාමාන්‍යයෙන් සාර්ථක තේ වගාවකින් අක්කරයකට තේ දළු කි.ග‍්‍රෑම් 800 ක් පමණ ලබාගත හැකි වන අතර කළුතර මෙය කි.ග‍්‍රෑම් 300-400 ක් අතර අගයක පවති. මේ සදහා බලපා ඇති බාධා පිළිබඳව මේවන විට හදුනාගෙන ඇති අතර මෙම බාධක ඉවත් කිරිම සදහා මෙම කෙටිකාලීන හා දිගුකාලීන වැඩසටහන් ක‍්‍රියාත්මක කරයි.
මේ යටතේ :-
1. ඉහළ ප‍්‍රමිතියෙන් යුක්ත තේ පැල නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කිරීම
දිස්ත‍්‍රික්කයට වාර්ෂිකව අවශ්‍ය වන තේ පැල සංඛ්‍යාව ලක්ෂ විසිපහකි කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සතු හැඩිගල්ල හා මතුගම පැල තවාන් දෙකක් පවතින අතරජ අධිකාරියේ ලියාපදිංචි වී ඇති පෞද්ගලික පැල තවාන්කරුවන් තිස් දෙනෙකු සිටිති. මෙම සියලුම පැල තවාන්වලින් දැනට දිස්ත‍්‍රික්කය තුල නිෂ්පාදනය කරන්නේ පැල ලක්ෂ දහතුනක් පමණි. දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දහහතරම ආවරණය වන පරිදි නව තවාකරුවන් හරහා අලුත් පැල තවාන් ඇති කිරීමටත්, සමෟද්ධිලාභීන් හරහා ප‍්‍රාදේශීය තවාන් ඇති කිරිමත්, මගින් ඉතිරි පැල ලක්ෂ දහතුන නිෂ්පාදනය කිරිමට ක‍්‍රියාමාර්ග ගෙන තිබේ.දැනට සිදුවන්නේ අඩු වන පැල ප‍්‍රමාණය පිටත දිස්ත‍්‍රික්ක වලින් පැමිණෙන ජංගම පැල අලෙවිකරුවන්ගෙන් ලබා ගැනිමට කටයුතු කිරිමයි. මෙම පැල ඉහළ ප‍්‍රමිතියෙන් යුක්ත පැල නොවීම නිසා දිස්ත‍්‍රික්කයේ තේ අස්වැන්න අඩු වීමට මෙම තත්වය ප‍්‍රබල හේතුවක් වී ඇත.ඉදිරි කාලය තුල දිස්ත‍්‍රික්කය තුලම පැල නිෂ්පාදනය කර ගැනිමට අලුත් වැඩ සටහන මගින් හැකිවන අතර එය මෙම ප‍්‍රශ්නයට ලැබෙන දීර්ඝකාලීන විසදුමයි.
2. තේ වගාව යාන්ත‍්‍රීකරණයට ලක් කිරීම
තේ කර්මාන්තය පවත්වාගෙන යාමේදි මතුවන තවත් ප‍්‍රබල ගැටළුවක් වන්නේ ඌග‍්‍ර ශ‍්‍රම හිගයයි. මෙම තත්වයට පිළියමක් ලෙස නව යන්ත‍්‍ර සුත‍්‍ර කිහිපයක් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හදුන්වා දී ඇත. මේ යටතේ තේ දළු නෙලන මැෂින්, ගස් කප්පාදු මැෂින් හා වරවල් හාරන මැෂින් තේ කර්මාන්ත ශාලාවලට හා තේ හිමියන්ගේ සංවිධානවලට ලබා දීම ආරම්භ කර ඇත. මෙම යන්ත‍්‍ර කට්ටලයක වටිනාකම රු ලක්ෂ වන අතර ඒවා රජය විසින් නොමිලේ ලබා දෙනු ලබයි .තේ වගාව යාන්ත‍්‍රීයකරණයට ලක්කිරිම තේ අස්වැන්න වැඩි වීමට මහත් රුකුලක් වන බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසයි.
3. පස සංරක්ෂණය හා පෝෂණ වැඩ සටහනක් ක‍්‍රියාත්මක කිරීම
දීර්ගකාලයක් තිස්සේ තේ වතුවල පස සංරක්ෂණයට හා පෝෂණයට අදාල ක‍්‍රියාමාර්ග නොගැනීම දිස්ත‍්‍රික්කයේ තේ අස්වැන්න අඩුවීමට බලපා ඇති තවත් එක් හේතුවකි. ඒ අනුව පස සංරක්ෂනයට හා පෝෂණයට අදාල වැඩසටහනක් මතුගම තේ පර්යේෂණ කාර්යාලය ආරම්කර තිබේ. කර්මාන්තශාලා හිමියන් හා තේ වතු හිමියන් කැදවා මෙම තත්වය පිළිබදව ඔවුන් දැනුවත් කිරිම තේ පර්යේෂණ කාර්යාලය විසින් මේ දිනවල සිදුකරනු ලබයි. කෙටිකාලයක් තුල පස පෝෂණයට අදාල ක‍්‍රියාමාර්ග කර්මාන්තශාලා හිමියන් හා තේ වතු හිමියන් හරහා සිදුකිරිමට මෙමගින් බලාපොරොත්තුවේ.
4. තේ ව්‍යාප්ත නිලධාරින්ගේ හිඟය පියවීමට කටයුතු කිරීම
කුඩා තේ වතු හිමියන් 40,000 ක් පමණ සිටියත් තේ ව්‍යාප්ත නිලධාරින් සිටින්නේ ඉතා සීමිත පිරිසකි. එම නිසා තේ වතු හිමියන්ට අවශ්‍ය උපදෙස් නිසි පරිදි ලබදිමට අසිරු වී ඇත. මෙම ප‍්‍රශ්නයට පිළියමක් ලෙස දැනට ප‍්‍රාදේශීය මට්ටමින් සිටින ආර්ථික සංවර්ධන නිලධාරින්ට නිසි පුහුණුවක් ලබා දී ඔවුන් තේ ව්‍යාප්ත නිලධාරින් ලෙසත් යොදා ගන්නා ලෙස දිස්ත‍්‍රික් ලේකම් යු ඩි සි ජයලාල් මහතා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දි ඇත.කෙටිකාලීන හා දිගුකාලීනව මෙම වැඩ සටහන ක‍්‍රියාත්මක කර තේ ඵලදාව ඉහළ නැංවීම දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටුවේ බලාපොරොත්තුවයි.
SDF/WMS_dmu_Kalutara