ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    වෘත්තීය පුහුණු සඳහා ඇ.ඩො. මිලියන 351ක විදේශ ආධාර

    ඔක්තෝබර් 04, 2015

    ශ‍්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු කටයුතු වෙනුවෙන් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා යුරෝපා සංගමයේ රටවල් විසින් ඇ.ඩො. මිලියන 351ක (රු.මිලියන 47,000 කට අධික) ආධාර මුදල් ලබාදී ඇතැයි වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

    මෙම ආධාර මුදල් 2014 - 2018 යන සිව් වසර සඳහා ලැබී ඇති බව පවසන අමාත්‍යවරයා ඉදිරි කාලයේදී මෙම අරමුදල් උපයෝගී කරගෙන මෙරට තරුණ පරපුර වෙනුවෙන් ක‍්‍රමවත් වෘත්තීය පුහුණු වැඩසටහන් අරඹන බවද සඳහන් කරයි.

     

    ශ‍්‍රි ලංකාවේ පාසැල් හැරයන තරුණ තරුණියන් අතරින් 47%ක් දෙනා කිසියම් හෝ වෘත්තීය පුහුණුවකට යොමුවන නමුත් 53% ක් වන සෙසු පිරිස වෘත්තීය පුහුණුවක් නොලබාම රැකියා කරා යොමුවන බව පවසන ඇමතිවරයා පාසල් හැරයන තරුණ තරුණියන් ක‍්‍රමවත් වෘත්තීය පුහුණුවකට යොමුකර ගැනීම සඳහා පාසල් සංවර්ධන සමිති හරහා මව්පියන් හා දරුවන් දැනුවත් කිරීමේ වැඩ සටහන් දියත් කරන බවත් පවසයි.

     

    තම රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති වෘත්තීය පුහුණු ආයතන වල පුහුණුවට යොමුවන තරුණ තරුණියන් පුහුණුවෙන් පසු කෙලින්ම රාජ්‍ය, පුද්ගලික හා විදෙස් රැකියා වලට යොමුකිරීම සඳහා රාජ්‍ය අවසරය ලබාගැනීමට ඇමතිවරයා මාර්ගයෙන් කැබිනට් අනුමැතියක් ලබාගැනීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවද ඇමති රංගේ බණ්ඩාර මහතා කියයි.

    ඉදිරියේදී ලොව ධනවත් හා තාක්ෂණික අතින් දියුණු රටවලට අවශ්‍ය පුහුණු තරුණ ශ‍්‍රමිකයන් නිර්මාණය කිරීමේ වගකීම තම අමාත්‍යාංශය යටතට ගැනීමට තමන් සූදානම් බවත් සඳහන් කළ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය ඇමතිවරයා වෘත්තීය පුහුණුවක සැබෑ අවශ්‍යතාවය ඇත්තේ නගරයට වඩා ගමට බවද ප‍්‍රකාශ කරයි.

     

    එම නිසා ඉදිරි පස් වසර තුළ වෘත්තීය පුහුණුව ගමට ගෙනයන වැඩ පිළිවෙලක් දියත් කරන බවද ඇමති රංගේ බණ්ඩාර මහතා සඳහන් කර සිටී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya