ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන හා ගෙවතු වගා උපකරණ කට්ටල බෙදාදීම මාතර, කොටවිල දී

    ඔක්තෝබර් 03, 2015

    “සුරක්ෂිත ආහාර හා තිරසාර ගොවිතැන" යන සංකල්පය යටතේ, ආහාර වලින් රට ස්වයංපෝෂිත කර ගැනීමේ හා ආහාර ආනයනය සදහා වැය වන විදේශ විනිමය රට තුළ ඉතිරි කර ගැනීමේ අපේක්ෂාවෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්රිදක්කයේ ආහාර නිෂ්පාදන වැඩසටහන ඔක්තෝබර් 05 වැනිදා පෙ.ව. 9.30 ට මාතර කොටවිල - නුගගහවත්තේ දී පැවැත්වීමට නියමිතය.

    මෙහි දී ගෙවතු සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් සදහා උපකරණ කට්ටල බෙදා දීම සිදු කෙරේ. ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකම් වශයෙන් පළතුරු පැළ රෝපණය, කාබනික පොහොර නිෂ්පාදන ආදර්ශනය සහ වානිජ පළතුරු වගා නිරීක්ෂණ චාරිකාවක නිරත වීම ද සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

    මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ උපදේශකත්වය යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව , කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව හා කෘෂිකර්මාන්තයට සම්බන්ධ අනෙකුත් ආයතන සම්බන්ධ කර ගැනේ.

    මේ අවස්ථාව සදහා ප්‍රදේශයේ දේශපාලන නායකත්වය රජයේ නිලධාරීන් සහ ප්‍රදේශයේ ජනතාව සහභාගි වීමට නියමිත ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya