ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික් උත්සවය දිවුලපිටිය බෝලගල දී

    ඔක්තෝබර් 05, 2015

    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමඟාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඇරඹෙන වැඩසටහනේ ආරම්භක වැඩසටහන දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝලගල රෙජිනෝල්ඩ් ක්‍රිස්ටි මහකාගේ ගෙවත්තේ දී අද (05) වෙනිදා පෙරවරු 10.00ට ඇරඹේ.

    මෙහිදී ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන සහ පරමාර්ථය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සැලසුම් කොට තිබේ. ඊට අමතරව මෙම බෝලගල දී පැවැත්වෙන ප්‍රධාන වැඩසටහන, පළතුරු ගම්මානය පිහිටුවීම අරමුණු කොට සැලසුම් කර තිබේ.

     

    පොල් වගාව යටතේ පළතුරු වෙලාව ජනප්‍රිය කරවීම සහ එම ඉඩම්වල ඵලදායිතාව වැඩි කිරීම සඳහා මෙම විශේෂ වැඩසටහන සිදු කෙරේ. මෙම ප්‍රධාන දිස්ත්‍රික් වැඩසටහන යටතේ අක්කර 1/4 සිට අක්කර 1 දක්වා වගා කිරීමට කැමැත්තක් දක්වන මෙන්ම සුදුසු ඉඩම් සහිත වසම් තුනකට අයත් වගාකරුවන් 25ක් ඇතුළත් කොට අක්කර 16ක ප්‍රමාණයක් ජමනාරං ගම්මානයක් පිහිටුවීම සිදුවේ.

     

    එදිනදී තෝරාගත් වගාකරුවන් අතර මෙම ප්‍රදේශයට යෝග්‍ය “ඉන්දු“ ප්‍රභේදයේ ජමනාරං පැල 2,000ක් බෙදා දීමටත් ජමනාරං පැල සිටුවීම සහ නඩත්තුව පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමක් ද සිදු වේ. මෙම විශේෂ පළතුරු ගම්මානය පිහිටුවීම මඟින් අනෙකුත් ගොවි ජනතාව එවැනි වාණිජ මට්ටමේ පළතුරු වගාවන් පිහිටුවීම සඳහා උනන්දු කෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය වන පළතුරු පැල නොමිලේ සැපයීමටත් තාක්ෂණික උපදෙස් කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ලබා දීමටත් දැනටමත් සැලසුම් කර ඇත.

     

    SDF/dmu_Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya