ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කුඩා තේ ඉඩම් වල පාංශු හා ජල සංරක්ෂණයට ආධාර දෙවන අදියර ඇරඹේ

    ඔක්තෝබර් 02, 2015

    බද්දේගම මැතිවරණ කොට්ඨාසයේ යක්කලමුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ කොට්ටව ග්‍රාමයේ  කුඩා තේ වතු හිමියන්ට පාංශු හා ජල සංරක්ෂණයට අධාර මුදල් ලබාදීමේ තවත් උත්සවයක් අද (02) ඔක්තෝබර් මස ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි.


    ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදෙන තේ නිෂ්පාදනයේ 73%ක නිෂ්පාදනයක් ලබා දෙන්නේ කුඩා තේ වතු හිමියන් බව මෙහිදී අවධාරනය වූ අතර අද පවතින තේ මිල පහත වැටීමේ ප්‍රශ්නයත් ලබාදෙන පොහොර නිසි ප්‍රමිතියේන් ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් දෙන බවත් මෙහිදී ඇමතිවරයා අවධාරණය කළේය. පළමුවන වතාවට හා අවසන් වතාවට මැරිච්ච තේ ගහකට නියන් සහනාධාර ලබා දුන්නේ තමා බවද ඇමතිවරයා තවදුරටත් මෙහිදී පැවසීය. අද දින මෙම ලබාදෙන සහණාධාර මුදල් තේ වගාවේ උන්නතිය වෙනුවෙන්ම යොදා ගන්න ලෙසද ඇමතිවරයා විසින් ඉල්ලීමක් ද සිදු කළේය.

     

    අප රට තුළ ලක්ෂ හතරක් තරම් වූ කුඩා තේ වතු හිමියන්ගේ අනන්‍යතාව තහවරු කිරීමට ඉදිරි කාලයේ දී කටයුතු කරන බව මෙම උත්සවයට සහභාගීවූ කුඩා තේ වතු අධිකරියේ සභාපති දීප්ති අබේවික්‍රම මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යතුමා අතින් තේ වතු හිමියන් තමන්ට හිමි චෙක්පත් ලබා ගත්හ.

     

    මෙම උත්සවයට දකුණු පළාත් සභා මන්ත්‍රී සුමනසිරි ලියනගේ, කුඩා තේවතු අධිකාරියේ සභාපති දීප්ති අබේවික්‍රම, ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගිවූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya