ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මාතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී ආහාර නිෂ්පාදන වැඩ සටහන ඇරඹේ

    ඔක්තෝබර් 06, 2015
     
    දේශිය ආහාර නිෂ්පාදනය දෙගුණ කිරිමේ සහ තිරසාර වගා ව්‍යාපෘතිය වැඩි දියුණු කිරිම මඟින් ආහාර සුරක්ෂිතාවය ඇති කිරිමේ වැඩ පිළිවෙල සඳහා ග්‍රාමීය මට්ටමේ සිටින කෘෂිකාර්මික කේෂ්ත්‍රයට අදාල නිලධාරින් හා අනෙකුත් රාජ්‍ය නිලධාරින් තමන්ගේ උපරිම දායකත්වය දිය  යුතු බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.
    ඒ සඳහා මෙම නිලධාරින්ගේ දැනුම සහ තාක්ෂණික හැකියාවන් වැඩි දියුණු කිරිමට ඉදිරි කාලයේ දී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් එමෙන්ම ඔවුන්ගේ සේවය මෙම වැඩපිළිවෙලට ගුණාත්මකව යොදවා ගැනිමට කටයුතු කරන බවද  ඒ මහතා තවදුරටත් පැවසීය.
     
    ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ආහාර නිෂ්පාදනය කිරිමේ ජාතික වැඩසටහනට සමගාමීව පසුගිය දා මාතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් වගා ව්‍යාප්ති වැඩසටහන ආරම්භ කරමිනි.මෙහිදී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා විසින් සංකේතාත්මකව අඹ පැලයක් රෝපණය කරමින් රුක් රෝපණ වැඩ සටහන ආරම්භ කරන ලදි.
     
    මෙහි දි වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ කෘෂිකාර්මික නිෂ්පාදන හා ආහාර බෝග ආනයනය කිරිම සඳහා රුපියල් මිලියන ගණනක මුදලක් විදේශ රටවලට ගෙවන බවත් දේශීය වශයෙන් මෙම නිෂ්පාදන ජාතික අවශ්‍යතාවයට ගැලපෙන පරිදි නිපදවා ගත්තේ නම් එම මුදල ඉතිරි කළ හැකි බවත්ය. අතිරේක බෝග වගාව,බී ලූණූ වගාව සහ අපනයන බෝග වගාව ආදි විශාල කෘෂීකාර්මික කේෂ්ත්‍ර ගණනාවකම මාතලේ දිස්ත්‍රික්කයේ දායකත්වය වැඩි කිරිමටත් සමස්ථ වශයෙන් රටේ ජාතික නිෂ්පාදනය වැඩි කිරිම මඟින් 2018 දී එම කෘෂි ආහාර බෝග අපනයනය කිරිම නවතා දැමිම රජයේ අරමූණ බවත්  අමාත්‍යවරයා පැවසීය.
     
    මෙහ දී අදහස් දැක්වු  මාතලේ දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතා පැවසූවේ ගෙවතු වගාව ඇතුළු කෘෂිකාර්මික වගාවන් දෙගුණ කිරිම සඳහා විධීමත් වැඩපිළිවෙලක් සකස් කොට ඇති බවත්, ඒ මඟින් දේශිය ගොවියාගේ ආර්ථිකය ඉහළ නංවන අතර පාරිභෝගිකයාට දේශිය නිෂ්පාදන පහසු මිලට ලබා ගැනිමට අවස්ථාව සැලසෙන බවත්ය.
     
    දිස්ත්‍රික්කයේ පශු සම්පත් වැඩි දියුණූ කිරිම වෙනුවෙන් පශු සම්පත් හා සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව වෙන් කළ  රු 25,000/- හා රු. 30,000/- බැගින් වූ ආධාර මුදල් ප්‍රදානය කිරිමද මෙහි දී සිදු විය.
     
    AP/DMU-Matale
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya